" නිර්නාමික -54 "

86 9 1
                                    

තුහින : අයියෙ ! ආල්‍යා නංගි එක්ක ටිකක් නිදහසේ කතා කරපන් බං .

නිම්න : දැන් ?

තුහින : නෑ බං . දැන් නෙවෙයි.... දැන් ඒකට වෙලාව නෙවෙයි . මේ දවස් දෙක තුන ඇරිලා ගියාම නිදහසේ කතා කරපන් . සමාව ගනින්... මොකද උඹ වැරදී කොයිපැත්තෙන් බැලුවත් .

නිම්න : හ්ම්... ඒක නම් මාත් නොදන්නවා නෙවෙයි බං .

දවල්ට කාලා තමන්ගෙ සීයා වෙනුවෙන් තුහිනලගෙ අම්මා ඔතලා දුන්න කෑම එකත් අතට අරගත්තු ආල්‍යා හැමෝටම වැදලා සමුදීලා තුහිනලගෙ ගෙදරින් යන්න ගියා. ගේට් එක දිහාට ඇවිදන් යන ආල්‍යා දිහා බලං ඉදපු නිම්න ළගට ආව තුහින කිව්වෙ ආල්‍යා එක්ක ටිකක් කතා කරන්න කියලා.

තවත් ටික වෙලාවක් යන කොට නිරාදාත් තමන්ගෙ අයියා දෙනුවන් එක්ක ගෙදර යන්න පිටත් වෙන කොට තුහිනයි ආධිලුයි ලෑස්ති උණේ ටිකක් එළියට බැහැලා ඇවිදලා කරලා එන්න . ඒ වෙද්දිත් වෙලාව හවස පහට කිට්ටු කරලා තිබ්බ නිසා තුහින නම් එයාලගෙ අම්මට කිව්වෙ ඩිනර් එකත් අරගෙනම එන්නම් කියලා .

ආධිල් : මේ විනාඩියක් දියම් දෝසි කැටේ .

තුහින : උඹට මං පැය එකහමාරකට කලින් කියලත් ලෑස්ති වෙන්න බැරි උණාද ආධිල් ?

ආධිල් : ආදරේටනෙ මේ හැමදේම නේත ඒයි .

තුහින : ඔව් ඔව් . දැන් වත් එනවා යන්න .

ලත වෙවී ඉදපු ආධිල්වත් ඇදගෙන තුහින තමන්ගෙ අයියගෙ වාහනේ ඩ්‍රයිව් කරගෙන නුවර ටවුන් එකට ආවා . ඉඩ තිබ්බ තැනකින් කාර් එකත් දාලා දෙන්නත් එක්ක කයියක් ගහගෙන කිරි මුහුද වටේට දාලා තිබ්බ බැම්මට බර වෙලා ඒ වතුර දිහා බලං ඉදියෙ ටික ටික කළුවට වැටීගෙන එනකොට . ඒ අප්‍රේල් කාලෙට ටිකක් රස්නෙ පරිසරයක් තිබ්බට මේ වෙලාවෙ නුවර පැත්තට නම් ඒ හැටි රස්නයක් නෑ . කොළඹ පැත්තට තමා අමාරු .

රෝස පාට එක්ක මිශ්‍ර උණ තැඹිලි පාටක් එක්ක අහස පාට වෙන කොට ආධිල්ගෙ නිදහසේ වැටිලා තිබ්බ අත තුහින තමන්ගෙ අතේ පටලව ගත්තෙ ආධිල් තුහින දිහා බලද්දි . ඒකට උත්තරයක් විදියට තුහින කළේ කිරි මුහුද දිහා බලාගෙන ඉදපු ඇස් ඒකෙන් අහකට නොගෙනම පොඩි හිනාවක් දාපු එක .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now