.......... : ශ-ශධිල් ?
තමන්ගෙ පිටිපස්සෙන් ඇහුණු කටහඩ මුහුදු පතුලෙ ගිලිලා තිබ්බ ශෙවෝන්ගෙ මුළු කල්පනාවම වෙරළට ඇදලා දැම්මා වගේ ශෙවෝන්ට දැණුනා . තමන්ගෙ නමේ නුපුරුදු කොටසක් සුපුරුදු කටහඩකින් ශෙවෝන්ගෙ කන් දෙකේ ගැටුනෙ ශෙවෝන්ගෙ හදවතේ සියුම් රිදුමක් ඉරිතලලා යන කොට .
ශෙවෝන් ඉදගෙන ඉදපු විදියටම අත් දෙක පොළවට බර කරලා පිටිපස්සට හැරිලා බැහුවෙ ඇහිපිය ගහන වේගෙන්.
ශෙවෝන් : ඔ... ඔයා...
ඒ ගැඹුරු ඇස් බලාගෙන වචන අහුලපු ශෙවෝන් ඉක්මනින් නැගිටලා එතනින් යන්න හැදුවත් ආයෙම එයා නතර උණේ ඒ වචන කීපයට .
................ : උඹ තව කී දවසකට මෙහෙම පැනලා යනවද ශධිල් ?
පහු කරං ආව ඒ ඇස් දිහා ශෙවෝන් බැලුවෙ කුතුහලේකින් .
ශෙවෝන් : මං පැනලා ගියේ නෑ.
........... : උඹ හැමදාම කළේ ඒක . මේ දැන් කරන්නෙත් ඒක . උඹ නෑ කියන්නෙ හිතට එකගව නෙවේ ශධිල් .
ශෙවෝන් : ඔයා ඔයාගෙ වැඩක් බලා ගන්න අයියෙ . මං හිතට එකගව හෝ එකග නොවුනත් ඒකෙන් ඔයාට වැඩක් නෑනෙ .
........... : ශධිල් ! නවත්තනවා .
ශෙවෝන් : මිස්ට තේව් . තමුන්ට බෑ මට කරන්න ඕ-
යුගාන් : I said stop it Shadhil !
ඔව් . ඒ ආගන්තුකයා යුගාන්. එහෙමත් නැත්නම් ශෙවොන්ගෙ වචනෙන් ගත්තොත් තේව් . ශෙවෝන් ඉදියෙ නොසන්සුන් වෙලා . මුහුදු වෙරළ පැත්තෙන් එන හුළග නිසා තවත් ඒ නොසන්සුන් බව වැඩි උණා . ඖල් උණ කොණ්ඩෙ ශෙවෝන්ගෙ නොසන්සුන් බවේ සංකේතයක් වගේ පෙණුනා.
ශෙවෝන් තමන්ගෙ කට වහ ගත්තෙ යුගාන් ටිකක් හයියෙන් කතා කරපු නිසා .
යුගාන් : උඹට මොකද්ද වෙලා තියෙන්නෙ ශධිල්?
ශෙවෝන් : මං යනවා අයියෙ , මට මොනා වුණත් අයියා වද වෙන්න ඕන නෑ .
යුගාන් : උඹ අද මාත් එක්ක කතා නොකර ගියොත් මං උඹ යන හැමතැනටම ඇවිල්ලා හරි මේ දේ අහගෙන මිසක් යන්නෙ නෑ . ඉද ගනින් මෙන්න මෙහෙන් .
ශෙවෝන් : අයියටත් මාව සෙල්ලමක් වගේ පේනවද ?
යුගාන් : ඉදගනින් මුළින් .
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Saggistica~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...