" නිර්නාමික -59 "

86 4 11
                                    

ශෙවෝන් : අඩෝ ඒකනම් පට්ට චාන්ස් එක ආධිල් ! මොනා උණත් උඹට හොද ගමනක් යන්න පොටක් ඕක....

ආධිල් : ඔව් බං . මටත් හිතා ගන්න බැරි උණා එක සැරේ මේල් එකක් ඇවිල්ලා තිබ්බම . කණාවට ඇහැ ගැටුණෙ බං..

ශෙවෝන් : ආධිල් මෙහෙම්මම යනවද ? බෝඩිමට ගිහින් එනවද ?

ආධිල් : නෑ බං වොශ් එකක් එහෙම දාගෙන එන්නෝනෙ . මහන්සිය යන්නත් එක්ක . උඹ එනවා නේද ?

ශෙවෝන් : මොකෝ උඹ ඒක අමුතුවට වගේ ඇහුවෙ ?

ආධිල් : නෑ යුගාන් අයියත් එන නිසා උඹ අකමැති වෙයි කියල හිතුණා .

ශෙවෝන් : නෑ නෑ . මං එනවා . උඹත් අම්බෝ....

ආධිල් : ඇයි... ඉතින් උඹේ පරම පිවිතුරු ප්‍රේමයනේ . ආ නැද්ද ?

ශෙවෝන් : නිකං ඉදහං බං !

ශෙවෝන් කට කොණේ හිනාවක් එක්ක එහෙම කිව්වෙ බිම බලාගෙන .

ආධිල් : මේ ශෙවෝනයා... මං උඹෙන් දෙයක් අහන්න උඹ මට ඇත්තම කියහං....

ශෙවෝන් : අහපන්...

ආධිල් : උඹ යුගාන් අයියට අකමැති , උඹේ හිතේ වෙන කෙනෙක් ඉන්නවද බං ? නැත්නම් දැනටමත් ,

ශෙවෝන් : නෑ නෑ දැනට මට එහෙම රිලේශන්ශිප් එකක් නෑ . ඒත්....

ආධිල් : ඒ කියන්නෙ උඹ වෙන කෙනෙක්ට ආදරේ කරනවා නේද ?

ශෙවෝන් : කළා . It just a one side love Adhil . දැන් මං හිත හදාගන්න ගමන් ඉන්නෙ....

ආධිල් : one side... හහ් උඹ හිත හදාගන්න ගමන් නම් ඉන්නෙ ඇයි යුගාන් අයියට කිසිම ඉඩක් දෙන්න උත්සහ නොකරන්නෙ ?

ශෙවෝන් : මං දන්නෑ බං. කොහොමද මනුස්සයෙක් තමංගෙ පළවෙනි ආදරේ වගේ කෙනෙක් අමතක කරලා තව කෙනෙක්ට ආදරේ කරන්නෙ ආධිල් ?

ආධිල් : නෑ ශෙවෝන් . පළවෙනි ආදරේ ගොඩක් අයගෙ අසම්පූර්ණයි . උඹ අහලා තියෙනවද එහෙම එකක් ?

ශෙවෝන් : ම්ම්.... තියෙනවා . ඇයි ?

ආධිල් : එහෙනම් ඇයි උඹට බැරි යුගාන් අයියගෙ පළවෙනි ආදරේ වෙලා ඒ ආදරේ අහිමි වෙන්න නොදී බලාගන්න ?

ශෙවෝන් : ආහ්.... මො'ක...ද්..ද ?

ආධිල් : උඹට උඹේ පළවෙනි ආදරේ අහිමි උණා වගේ යුගාන් අයියගෙත් පළවෙනි ආදරේ අහිමි වෙන්න තියන්න එපා ශෙවෝන් ! මං යුගාන් අයියව දන්නෙ නෑ තමයි . ඒත් ඒ හම්බුණ වෙලාවල් කීපෙදි උණත් ඒ කටින් උඹ ගැන පිටවෙන වචනයක් ගානෙ ඒ ඇස් වල කදුළු පිරෙනවා මං දැකලා තියෙනවා .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now