නිරාශා ඉදියෙ ඇදේ එහාට මෙහාට පෙරළෙන ගමන් . ආදිත්යටත් කෝල් එකක් දාලා ඉවර වෙලා නිදා ගන්න හැදුවත් කෙල්ල ඉදියෙ අමුතු දුකකින් .
නිරාශා's pov
"ශෙවෝන් ? ශෙවෝන් ඔයා ඇත්තටම පව් . මට හිතා ගන්න බෑ උඹ මේ විදියට තුහිනට ආදරේ කරන විදිය දැක්කම මට හිතෙනවා මං ආදරේ කියන වචනෙ ගැනවත් හරි හැටි නොදන්න කෙනෙක් කියලා. තමං ආදරේ කරන කෙනාව සතුටු කරන්න උඹ නැහුණු විදිය මං දැක්කා . උඹම තමයි ආධිල්ව තුහිනට ගෙනල්ලා දුන්නෙ . තුහින ආස කරපු විදියටම . කොහොමද බං දරා ගත්තෙ ? "
" මං දන්නෙ නෑ උඹ කොහොම දරා ගත්තද කියන්න . උඹ හරි පරිත්යාගශීලී කියලත් හිතෙනවා මට . මං දන්නෙ නෑ හෙට මං කොහොමද තුහින එක්ක හොදින් කතා කරන්නෙ කියලා. මොකද ඒ හැම වෙලේම මට උඹව මතක් වේවි ශෙවෝන් . ඒත් මං පොරොන්දුව ඒ විදියටම රකිනවා. කිව්වා වගේම මං මොකුත් නොකියා ඉන්නම් . උඹ කිව්වා වගේම මැරෙනකල්ම මේ දේ අපි දෙන්නා විතරක්ම දන්න කතාවක් විදියට තියේවි . "
"ඉතින් ඒ කතාව අවසානයේදී ශෙවෝන් යනු ආදරේ මහ හුගක් පුරෝගෙන හිනා වෙලා බලං ඉදපු නිහඩ ආදරවන්තයෙකි!"
පහු වෙනිදා කැම්පස් එකේ අවුරුදු උත්සවේ නිසා ඉක්මනින් රෙඩි උණ නිරාශා ගෙදරින් එළියට බැස්සෙ ටුක් එකක් අල්ල ගන්න හිතා ගෙන . මේ වෙලාවට මේ පැත්තෙ ටුක් එකක් අල්ල ගන්නවා කියන්නෙ මහ අමාරු වැඩක් . ඉස්කෝලෙ ටයිම් එකයි ජොබ් ටයිම් එකයි දෙකම එකට සෙට් වෙන නිසා මේ 120 පාරෙ නිකං දුවන ටුක් එකක් හොයා ගන්න එක හරි අමාරු වැඩක් . කොහෙද අයියා කැබ් එකක් දාන්න යද්දිම් උඩ දාගෙන ආවනෙ කැබ් එකක් එනකන් ඉන්න බෑ වෙලා යනවයි කියලා . කොහොමින් කොහොම හරි විනාඩි විස්සක් විතර යනකොට ටුක් එකක් අල්ල ගත්තා .
නිරාශා කැම්පස් එකට එනකොට එතන නිකන් මගුල් ගෙයක් වගේ . අවුරුදු සැරසිලි හැමතැනම තිබ්බා . ඇත්තටම මුළු යුනි එකේ හැමෝම ළමයි යුනි එක ඇතුළෙ පිරිලා ඉදියා . නිරාශා අඩිය ඉක්මන් කළේ වෙනදා සෙට් වෙන පිහිඹියා ගහ මුළට යන්න .
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...