15 වෙනිදා , ඒ කියන්නෙ පෙරේදා ගෙදර ආවට පස්සෙ කට්ටියම අද එකතු වෙන්න හැදුවෙ නිරාශලගෙ ගෙදරට . මොකද නිරාශලගෙ අම්මා ඩිනර් එකක් ලෑස්ති කරලයි තිබ්බෙ . තුහින හයාමාරට විතර එන කොටත් ශෙවෝන් , ආධිල් වගේම ආධිත්‍යත් ඇවිල්ලයි ඉදියෙ . ආධිල් නොදන්නවා උණාට ශෙවෝන් ආධිත්‍යව දැනන් ඉදියා . පහුගිය කතා සේරම අමතක කරලා හැමෝම සිටුවේශන් එකට හැඩ ගැහිලයි ඉදියෙ . ශෙවෝන් උනත් මුලදි ටිකක් පස්සට ගියාට ටික වෙලාවක් යද්දි එතන විදියට මුව් වෙන්න පුළුවන් උණා . ආදිත්‍ය උණත් ශෙවෝන් එක්ක හොදට කතා බහ කරලා හිටියා .ආදිත්‍ය : අඩෝ.... තුහිනයා !!!
තුහින ආව ගමන් ආදිත්‍ය තුහිනට හග් එකක් දුන්නෙ අවුරුදු ගානකට පස්සෙ එයාලව දැක්ක නිසා. හරියටම කිව්වොත් අවුරුදු හතකට විතර ප්ස්සෙ තමයි හම්බුනේ .
තුහින : අම්බෝ අයියෙ... බලපන්කො කොච්චර කල් ගිහින්ද කියලා. උඹ නම් ඒ කාලෙ වගේමයි ආ...
ආදිත්‍ය : මොකට කියනවද බං ඒවා . ගිහින් ගිහින් මෙහෙම හරි සෙට් උණ එක ලොකු දෙයක් . උඹයි ශෙවෝනුයි දෙන්නවම එකට සෙට් වුණ එක ඔක්කොටම වඩා පුදුමයක් .
ශෙවෝන් : නිරාශාත් ගිහින් ආදිත්‍ය අයියටම සෙට් උණ එක තවත් පුදුමයක්නෙ . නැද්ද බං ?
ආධිල් : අනේද කියන්නෙ . මේ අයියා ගැන මට සාධාරණ බයක් තියෙනවා .
ආදිත්‍ය : ඇයි සහෝ ඒ ?
ආධිල් : නෑ . අපේ මේ කලවැද්දිව මැරි කරලම බලන්න . ආස හිතෙයි....
නිරාශා : අනේ මේ හිපාටුවා . මගෙන් මැරුම් නොකා ඉදපන්...
ඉදගෙන ඉදපු තැන තිබ්බ සෝෆා එකේ කොට්ටෙකින් ආධිල්ට දමලා ගහපු නිරාශා ඔරවලා අහක බලා ගත්තා .
ශෙවෝන් : ඔය පේනවනෙ .
ආදිත්‍ය : මොනා වුණත් මට සතුටුයි කට්ටියම මෙහෙම සෙට් වුණ එක ගැන .
ආධිල් : හැබැයි අපේ යුගාන් අයියත් ඉන්න තිබ්බෙ. නේද ළමයි....
ශෙවෝන් : තේව් මොකටද ? අනික එයාව නිරාශා අදුනන්නෑනෙ .
තුහින : මොකද ශෙවෝන් බෙරිහන් දෙන්නෙ ? තරහ ගන්න එපා යකෝ .
ආදිත්‍ය : හරි හරි... දැන් අපි මොන හරි කරමු ගයිස්. කම්මැලී නැත්නම් .
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...