........ : ආධිල් , උඹට බැජ් කෝඩිනේටර් කතා කළා .
ආධිල් : ඇයියේ කිව්වෙ නැද්ද බං ?
........... : මට කිව්වෙ නම් නෑ . උඹ ගිහින්ම බලපන්...
ආධිල් : ම්ම්.... හරි
පණිවිඩේ කිව්ව තමන්ගෙ බැජ් එකේ කොල්ලගෙ පිටට තට්ටුවක් දාගෙන ආධිල් නැගිටලා බැජ් කෝඩිනේටර් ගෙ ඔෆිස් එකට ගියා .
ආධිල් : Excuse me sir ! May I come in ?
BC : ආ... එන්න ආධිල් .
ආධිල් : සර් මට අඩ ගැහුවෙ මොකක් හරි හදිස්සියක්ද ?
BC : අහ්.... නෑ නෑ . මේක දෙන්න මං කතා කළේ .
ආධිල් : මොනවද සර් ?
BC. : ඔයාට කැම්පස් එකෙන් පුංචි තෑග්ගක් . දැන් කොල්ලා හරි ජනප්රියයිලු නේද ?
ආධිල් : අනේ එහෙම එකක් නෑ සර් . Thank you sir....!
BC. : ආධිල්ට හොද අනාගතයක් තියෙනවා . හරි එහෙනම් කොල්ලො දැන් ලෙක්චර් එකට යන්න .
ආධිල් : හරි සර්....මං යන්නම් .
ආධිල් බැජ් කෝඩිනේටර් තමංගෙ අතට දුන්න ලියුම් කවරෙත් අරගෙන ආපහු ලෙක්චර් හෝල් එකට එන්න ආවා . ඒ වෙද්දිත් ලෙක්චර් එක පටන් ගන්න තව විනාඩි හතළිහක් විතර තිබ්බා . ඒ අතරෙ තමයි ආධිල් දැක්කෙ ජූනියර් බැජ් එකේ කොල්ලො වගයක් ගෑණු ළමයෙක් රැග් කරනවා . ඇත්තටම දැන් කැම්පස් එකේ රැග් කරන එක තහනම් . තහනම් කියලා ඉහළින් නීතියක් ගෙනාවෙ නැතත් කැම්පස් එකේ රැග් වලට ඉඩක් දුන්නෙ නෑ . ඒ අස්සෙ අනික මේ වගේ දේවල් වෙද්දි ළමයි කොහොමද හිත නිදහසේ වැඩක් කර ගන්නෙ .
ආධිල් : මොකද්ද මෙතන වෙන්නෙ ?
........ : තමුන් කවුද ?
(........... : කට වහපන් ! මේ ආධිල් යකෝ ... ආධිල් උත්සර )
තව එකෙක් මුලින් පාට් එක දාපු කොල්ලගෙ කනට මුමුණලා තමං ගැන රහසින් කියනවා ආධිල් ට ඇහුණා . ඒ කතාවට ආධිල්ගෙ කට කොණේ හිනාවක් ඇදුනෙ නිරායාසයෙන්මයි .
ආධිල් : දන්නැද්ද රැග් කරන්න බෑ කියලා . ආ.... කියපන් ?
.......... : ද...දන්නවා අයියෙ !
ආධිල් : එතකොට ඔයා ! මේ අපේ වයසෙ බැජ් එකේ ඉදගෙන මොකද ජූනියර්ස්ලා ඇවිල්ලා රැග් කරනකන් බලං ඉන්නෙ.... මොකද්ද නම..?
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...