තුහින : ඕ ගුඩ් මෝනින්ග් අම්මා ! ඇයි මේ උදේම ?
..............................
තුහින : වට් ? දැන් කෝ ?
.......................
තුහින : ඉන්න අම්මා මං දැන්ම පිටත් වෙන්නම් . කලබල නොවී ඉන්නකො අනේ....
....................
තුහින : ඒ කියන්නෙ අම්මට ශුවර්ද මං එන්න ඕනෙ නෑ කියලා . හරි එහෙනම් මෙහෙම කරමු . මං කැම්පස් ඉවර උණ ගමන් එන්නම් . තාත්තාට කියන්න මට කෝල් එකක් දෙන්න කියලා .
.............................
තුහින : හරි අම්මා . බුදු සරණයි .
බයික් එක කැම්පස් එක ඇතුළෙන් නවත්තපු ගමන්ම තමන්ට අම්මගෙන් ආව කෝල් එක ආන්සර් කරපු තුහින කෝල් එක ඉවර වෙලා ෆෝන් එකත් සාක්කුවට දාගෙන හෙල්මට් එක ගලවන ගමං හිමීට පිහිඹියා ගහ පැත්තට ඇවිද ගෙන ගියා . බලන ඕන කෙනෙක්ට හිතෙනවා තුහින ඉන්නෙ කලබල වෙලා කියලා . එයා ෆෝන් එක සැරෙන් සැරේ අතට අරගෙන බැලුවෙ එයාගෙ තාත්තා කොයි වෙලේ හරි කෝල් එකක් ගනීවි කියලා .
ආධිල් : ගුඩ්මෝනින් තුහින ! මොකද මේ උඹ ?
තුහින : අඩෝ බලහං... අයියා ! අයියා ඇවිල්ලලු ගෙදර !
ආධිල් : ඒක හොද දෙයක්නෙ බං . උඹ ඇයි බය වෙලා .
තුහින : දන්නෑ බං . මං හිතන්නෙ අයියා අක්කත් එක්ක මොකක් හරි ලොකූ ප්රශ්නයක් දාගෙන ඇවිල්ලා තියෙන්නෙ .
ආධිල් : ඒත් බං පවුල් ප්රශ්න වලට අපි මැදිහත් වෙන්න ගිහින් ඒක දෙගුණ තෙගුණ වෙලා ගියොත් ?
තුහින : මංදා බං . මොනා කරන්නත් මං අද හවසම පිටත් වෙනවා .
ආධිල් : නුවර ?
තුහින : ම්ම්... ඔව් බං . ගෙදර නොයා හරි නෑ . අනික අයියාට හොදටම සනීප නෑ කියලත් කිව්වා .
ආධිල් : වට් ? හරි උඹට ඕනමනම් පලයන් බං . බට් වැඩිය ඉන්වෝල් වෙන්න එපා . උඹේ අයියා නැතත් ඒ අක්කා අතින් උඹට නරක නාමෙ එන්න පුළුවන් .
තුහින : ම්ම්...
Evening
ආධිල් : කල්පනාවෙන් ඩ්රයිව් කරපන් . පරිස්සමින් !
තුහින : හරි බං . එහෙනම් මං යන්නම් .
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...