කෙරුමගෙ ඇස්වල තියෙන්න පුළුවන් මං හින්ද උනන කඳුළු විතරයි.වෙන එකෙක්ට උගෙ ඇස්වලට කඳුළු දෙන්න ඉඩක් මං ඉතුරු කරන්නෙ නෑ....!! මොකෙක් හරි එහෙම කරොත් මං ඌව ඉතුරුකරන්නෙත් නෑ ....!!!ඒ හින්ද මං ඉක්මනින් උට ගෙනත් තියපු බෙහෙත් එකක් අරගෙන උට බෙහෙත් දාන්න කිට්ටු උනා. ඒත් කොච්චර බෙහෙත් ප්රමාණයක් ඇහැට දාන්න ඕනෙද කියල මං දැනන් හිටියෙ නෑ....!!! ඒකයි මං උගෙන් බිංදු කීයක්ද කියල ඇහුවෙ.......!!!
'බෙහෙත් ඉවරයි සර්...!!! ෆාමසියෙන් ගන්න ඕනෙ ...!!! "
"තොගෙ බෙහෙත් මං ගෙනත් තියෙන්නෙ බූරුවො...!! මගුලක් නොකිය එක ඇහැකට බෙහෙත් බිංදු කීයක් දාන්න ඕනෙද කියපිය විකාර නොකියා....!!! "
"හතරක් සර්....!!! "
"කෝ ඇස් ඇරපන් අර්ජුන් ....!!! "
මං බෙහෙත් එක දාන්න ඇස් ඇරපන් කිව්වට කෙරුමට ඇස් අරින්න පුළුවන් උනේ නෑ.ඉතිං මං බලෙන්ම උගෙ ඇස් ඇරල බිංදු හතර ගාණෙ ඒ බෙහෙත් එක උගෙ ඇස්වලට දැම්මා.ඌ ඊයෙ කියපුදේ ඇත්ත කියල මේ වෙලාවෙ උගෙ ඇස් දකිද්දි මට තේරුනා....!!! උගෙ ඇස් රතුවෙලා වේලිලා වගේ ගිහිල්ලා. කිසිම තෙතමනයක් නෑ.......!!!!
මං බෙහෙත් දාලා උගෙ ඔලුව පාතට හිටින විදිහට කොට්ටෙ බෙල්ලට තියල ඔලුව ටිකක් පාත්කරා...!! ඒ විදිහෙන් මේ බෙහෙත් එක ඉක්මනට කෙරුමගෙ ඇස්වල උඩටත් යයි කියල මට නිකමට හිතුන...!!!
"දැවිල්ල අඩුයිද උඹේ...!!! "
"සර්ට ගොඩක් පිං සර්....!!! "
"පිං පස්සෙ දීපන්...!!! ඉක්මනින් ඇස් ඇරල නාගෙන වරෙන්කො වැඩ අල්ලන්න......!!! "
මං කෙරුමගෙ අහවල් එක ලාවට මිරිකල බාත් රූම් එකට ගිහිල්ලා හොඳට නාගත්තෙ කෙරුමට ටිකක් පාඩුවේ ඉන්න දීල.මං නාගෙන ඉවරවෙලා එද්දි කෙරුමා බාත් රූම් එක ගාව බිත්තියට හේත්තු වෙලා ඉඳගෙන ඉන්නව.........
"මොකද උඹ මෙතන කරන්නෙ ...??? "
"නාන්න සර්....!!! "
"ඇයි උඹට පූල් එක පෙනුනෙ නැද්ද පැනල පීනල නාන්න....??? "
මං අහපුදේට උත්තර දුන්නෙ නැති හින්ද කෙරුමගෙ කනෙන් අල්ලල මං ඌව නැගිට්ටුව.......
YOU ARE READING
මාංචු
Non-Fictionඋඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!