මුහුදු ලිහිණියන්ගෙ සද්දෙ වටේටම ඇහෙන්න ගනිද්දි අපි හිටියෙ පෝට් මොරෙස්බිවල වරායෙ...!!! පොඩි රළ පාරවල් රැල්ල ගහගෙන ඇදිල ඇවිල්ල පෙණ පොකුරු විසිරුවගෙන නැව් බඳේ හැප්පිලා බිඳල යනව....!!! අපේ නැව තිබ්බ හරියෙ වෙන මොකෙක්වත් හිටියෙ නැති හින්ද අපිට ඒක ලොකු පහසුවක් උනා.......!!!!ඊට පැය ගාණකට පස්සෙ අපි හිටියෙ සොලමන් මුහුදෙ...!!! කෙරුමා ප්ලේන් එකේ යන්න මර බයේ දැඟලුවට නැවේදිනං ඌ නෝමල් එකේ හිටිය...!!!
"බූරුවො තෝ මුහුදට වැටෙයි ඔච්චර එළියට බරවෙන්න එපා...!!! ඉන්නෙත් පරඬැල වගේ බරක් කියල නාමයක් නෑ....!!! තෝව හුළඟට ගහගෙන යයි.....!!! "
මුහුද දෙබෑකරගෙන නැව ඉස්සරහට යද්දි නැවේ බඳ දෙපැත්තෙන් චූටි මාළු ජාතියක් උඩ පනිනව...!!! කෙරුමා ඒක බලන්න නැවේ යකඩ වැටෙන් එළියට එබෙනව...!!!! වෙලාවට ඒක මං දැක්කෙ...!!! බැරිවෙලා හරි සුළියකටවත් අහුවෙලා නැව ගැස්සුනානං මේ බුරුව මුහුදෙ.....!!! කිසි පරිස්සමක් නෑ මුගෙ..!!
"සොරි සර් උන් ලස්සනයි ඒකයි ටිකක් බලන් හිටියෙ......!!! "
"ලස්සන....!!!! පෙන්නනව තොට මං ලස්සන...!!! දෙනව දැනගනිං කන පුපුරන්න....!!! නැව ගැස්සිලා තෝ පල්ලට වැටුනනං මොකාටද යකෝ කියන්නෙ...!!! තොගෙ මෙතන තියෙන්නෙ මැටිද ආහ්...??? කරන දෙයක් පරිස්සමෙන් කරන්න ඉගෙනගනිං...!!! තොට මොකුත් උනානං මං මොනව කරන්නද බූරුවො ....!!! "
මං කෙරුමගෙ ඔලුවට එකක් ඇනල ඒක කියද්දි ඌ බිම බලාගත්ත.ඌ බිම බලාගන්නව කියල කියන්නෙ ඌ දැන් මේ කරේ වැරැද්දක් කියල ඌ පිළිගන්නව කියන එක...!!! ඒක මං දන්නෙ අත්දැකීමෙන්.... මොකද උගෙ අතේ වැරැද්දක් නැත්තං කීයටවත් කෙරුමගෙ ඇස් බිම බලන්නෙ නෑ...!!!!උගෙ ඉස්සරහ ඉන්නෙ උගෙ මාරයා උනත් ඌ මාරයගෙ ඇස් දිහා කෙලින් බලයි ඌ වැරැද්දක් කරල නැත්තං...!!!!
"මට සමාවෙන්න සර්....!!! ආයෙ මං කැබින් එකටම වෙලා ඉන්නං...!!!
මං යන්නං සර්.....!!! "කෙරුම බිම බලාගෙනම ඒක කියල ආපහු යන්න හැරුනත් මං උට ආපහු යන්න ඉඩක් දුන්නෙ නෑ.......
"නැවතියන් අර්ජුන්....!!! "
"සර්...!!! "
"වරෙන්කො යන්න මාත් එක්ක....!!! "
YOU ARE READING
මාංචු
Non-Fictionඋඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!