කොල්ලා හිටියෙ තද නින්දෙ.....කොල්ල කිව්වට මූ මට වඩා අවුරුද්දක් දෙකක් බාල ඇති උපරිම....!! ඉතිං මං හිමීට ඌව මං ඉන්න පැත්තට හරවගෙන උගෙ පිච්චුන අත අල්ලගත්ත.... මුලින් නිකං අල්ලන්න මොකක්ද වගේ හිතුන හින්ද මං මුලින්ම ශේප් එකේ එක ඇඟිල්ලකින් ලාවට අත උඩින් ඇඟිල්ල ඇදගෙන ගියා......!!!ඒක අමුතුයි....!!! නිකං වතුරට පෙඟිල වේලුන කඩදාසියක් වගේ.සමහර තැන් සිනිඳුයි සමහර තැන් කඩදාසි වගේ...!!!
මුලින් මට මහ අමුත්තක් අප්පිරියාවක් දැනුනත් ටිකක් වෙලා යද්දි මට දැනුන ඒ අමුතු හැඟීම නැතිවෙලා ගියා.මං පෝන් එක අරං උගෙ අතේ පොටෝ එකක් ගහල තියාගත්ත.මේ අත හින්ද මං බැන්න වගේ මූට තව කීදෙනෙක් බනින්න ඇද්ද කියල මට කල්පනා වෙද්දි ජීවිතේ පළවෙනි වතාවට මං මංම කරපු දෙයක් වෙනුවෙන් පසුතැවිලි උනා.....!!!!පස්සෙ උගෙ අත ආයෙමත් මෙට්ටෙ උඩින් තියල මාත් නිදාගත්ත. මොකද හෙට උදේම ෆොරීනර්ස්ල එකක් ලොකු බිස්නස් මීටින් එකක් මං දාගෙන හිටිය.......!!!
නෝමලි මං workout කරන්න පාන්දර පහට අනිවාර්යයෙන්ම නැගිටිනව.ඒත් ඊයෙ අල්ලපු අඩව්ව හින්ද මට එලාම් එකටවත් ඇහැරුනේ නෑ.කොහොමහරි මට ඇහැරිලා මං ඉස්සරලම හෙව්වෙ මං ගාව නිදාගෙන හිටපු එකාව....!!!
ඌ පේනතෙක්මානෙක නෑ....!!! මං ෂීට් එකත් පැත්තකට වීසි කරල ඇඳෙන් පැනල ෂෝටක් දාගත්තෙ අරූ මං කියනදේ අහන්නෙ නැතුව පැනල ගිහිල්ලනං උගෙ අවසන් කටයුතු කරවන්න..........!!!!ඒත් පහළට එද්දි මං ජනේලෙකින් දැක්ක දේ හින්ද මං ඒ ජනේලෙ ගාවම නැවතුනා....!!! කෙරුමා ජොකා ගහගෙන මගෙ ගෙදර බැක් යාර්ඩ් එකේ තියෙන පූල් එකේ බැහැගෙන ඉන්නව.මට ඌ ඉන්න විදිහ දැක්කහම හිනත් ගියා.ඔලුව උඩ තියාගෙන කඳ වතුරෙ ඔබාගෙන ඌ නිදි...!!!!
ටික වෙලාවක් මං ඌ දිහා බලාගෙන ඉඳල බැක් යාර්ඩ් එකට ගියත් මූ මං ආවා කියලවත් දන්නෙ නෑ.හීතල වතුරෙ බැහැගෙන හොඳට නිදි.....!!!
"නැගිටපන් මොකාද එකා.උඹ කාගෙන් අහලද මගෙ පූල් එකට බැස්සෙ...??? "
ඇඟිලි දෙකෙන් උගෙ කනට තරු පේන්න ෂොට් එකක් දීල මං උට කෑගැහුව.මූ බයඋනපාර පූල් එකේ ගිලෙන්න හියත් ඔලුව යට යන්න කලින් මං උගෙ කොණ්ඩෙන් අල්ලල ඌව ගොඩට ඇදල ගත්තා.......
YOU ARE READING
මාංචු
Non-Fictionඋඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!