වෛරෝඩි

3.1K 260 52
                                    


මෙච්චර වෙලාවක් තිබ්බෙ නැති වැස්සක් එකපාරටම රබර් ගස්වලින් වැහිච්ච කඳුකරේට වහින්න ගනිද්දි මගෙ කෙරුමා හිටියෙ මගෙ උකුලෙ ඔලුව තියාගෙන....!!!! ඌ ඇස් ඇරගෙන මගෙ දිහා බලන් හිටියත් උට මාව පේන්නෙ නෑ නේද කියල දැනෙද්දි මගෙ පපුව පිච්චිලා යනව....!!! මට එදා ඕනෙ උනේ කෙරුමව නිදහස් තැනකට එක්කන් යන්න විතරයි....!!! ඒත් මගෙ වෙලාව අන්තිම නරකයි , උගෙ ජීවිතේ ඌ ගිය එකම ට්‍රිප් එක ගිනිකන්දක් හින්ද විනාස උනා...!!! ඊගාවපාර තාමත් මං නොදන්න දෙයක් හින්ද උගෙ ජීවිතේ විනාස උනා......!!!!

"දංගා...!!! "

"අහගෙන ඉන්නෙ කියපන් පිස්සු පූසො..!! "

"දෙයක් අහන්නං ඇත්තම කියනවද....??ගොඩක් කල් ඉඳල අහන්න හිටියට උඹට දුක හිතෙයි කියල මං ඇහුවෙ නෑ..!!! "

"අහපන්කො බලන්න මගෙ වෙන්න අයිය කැටේ...!!! "

"මගෙ පෙනුම දැන් මොන වගේද දංගා....??? කලින් වගේමද..?? නැත්තං වෙනස්වෙලාද ...??? මට දැන් මගෙ රූපෙ මතකනෑ බං......!!!! "

කෙරුමා හිනාවෙවී ඒක කිව්වට ඌ මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න මට කට ඇරගන්න අමාරුයි....!!! මගෙ තොල් වෙව්ලනව...!! ඇස්වල කඳුළු පිරිල....!!!

"දංගා...!! උඹ නිදිද....??? "

"න්....නෑ.... නෑ නිදි නෑ...!!! මං මේ බැලුවෙ උඹේ නාකි වඳුරු පෙනුම ගැන විස්තර කරන්නෙ කොහොමද කියල...??මොකද උඹට දුක හිතුනොත් එහෙම....!!! "

"එච්චරටම නාකි වෙලාද මං....!!!පීනසේද දන්නෑ  නෙහ්....??? "

"පීනසේට නාකි වෙනවද බං මැටි මෝලො...??? "

"ඇයි ඔය කොණ්ඩෙ ඉදෙන්නෙ...!!! "

"අනේ බූරුවො කොණ්ඩෙ ඉදුන කියලම නාකි වෙනවද....??? දැන් ඔය ඉන්න කොල්ලො ෆැෂන් එකටත් කොණ්ඩෙ සුදු කරන්නෙ.....!!! "

"එහෙනං ඉතිං නාකියි කිව්වෙ...!!! "

"මෙන්න මේක දැන් නගිනව ටිකක් අඩුයි අඩුයි වගේ හින්ද .....!!!! "

මගෙ උකුලෙ උඩුබැලි අතට නිදාගෙන හිටපු කෙරුමගෙ පොට්ටනිය මං අල්ලගෙන මිරිකුව....!!!! ඌ හිනාවෙවී මගෙ බඩ හපනව ලේනා වගේ....!!! මගෙ බඩේ මසල්ස් හයිය හින්ද උට හපන්න බෑ...!!! ඉතිං මූ ලේනා වගේ මගෙ බඩ ලෑටි ගානව.....!!!

මාංචු Where stories live. Discover now