පරණ ණය

2.8K 246 111
                                    


මහත්තය පෑනෙන් මේසෙට තට්ටු කරන ගමන් විකියගෙ දිහා බලාගෙන එහෙම ඇහුවෙ මහත්තය සල්ලි දුන්නට වත්තෙ වැඩ ගැන ලොකු දැනුමක් නැති හින්දද කොහෙද .....!!!

"ඒක කරන්න බෑ සර්...!!! ලීලා අක්කා කලින් මාස දෙකේම දහදහා ගාණෙ මේ එන මාසෙ පඩියෙන් අඩුවෙන්න ඇඩ්වාන්ස් ගත්ත...!! ඒ සල්ලි මේ මාසෙන් අඩු උනොත් ලීල අක්කගෙ පඩිය රුපියල් හාරසිය පනහක් වගේ වැටෙන්නෙ...!!! දැන් ඕකට මේ 15000ත් එකතු උනොත් සම්පූර්ණ මාස එකහමාරකට කිට්ටුව පඩියක ණයක් ඉතුරු වෙනව......!!!! "

"එහෙම කියන්න එපා විකී මල්ලි....!!!අපේ ගෑණි වැඩට නෑවිත් ඉන්නෙ නෑනෙ මේ වත්තෙ...!!! අනික බං මහත්තය උනත් උඹලට සල්ලි හදිස්සියක් උනොත් ඉල්ලගන්න කියන්නෙ අපෙන්නෙ බං...!! ඉතිං ඇයි මේ බාල්දි දාන්නෙ බං....!! "

"රංජිත් අයිය ඔය කියන්නෙ මං ගිය මාසෙ ගත්ත රුපියල් හයදාහ ගැනනං මං අද ඒක බේරනව.....!!! "

"මං එහෙම එකක් කිව්වෙ නෑනෙ මල්ලි ...!!! "

"අයියෙ මං ඔයාට වඩා බාලයි තමයි...!!!ඒත් ඔයාට වඩා මං මේ පොළොවෙ තෙම්පරාදු වෙලා තියෙනව.මං කිව්වෙ මහත්තය මගෙන් අහපුදේට උත්තරේ..!! සල්ලි දෙන්නෙ මං නෙවෙයිනෙ මහත්තය...!! ඒ හින්ද ඔයා මේ ප්‍රශ්නෙ මහත්තය එක්ක විසඳගන්න....!!! "

විකී මේ වෙලාවෙ ඉන්නෙ මල පැනල. උගෙ කටහඬෙන්ම ඒක තේරෙනව...!!!රංජිතා වැඩි දවසක් නොයා අපෙ විකියගෙන් ගුටි කනව කියන එක වත්තෙ ගොඩ දෙනෙක් අතරෙ තිබ්බ කවුරුත් දන්න කතාවක්....!!!

"විකී කූල් ඩවුන්....!!! මෙහෙමයි රංජිත් විකී කියන කතාව ඇත්ත...!! මට ඒකට එකඟ වෙන්න පුළුවන්....අනික මෙතන මං කියන්න ඕනෙ ප්‍රධානමදේ තමයි මං මෙතන කරන්නෙ ණයදෙන සමිතියක් නෙවෙයි කියන එක......!!! ඒක මෙතන ඉන්න හැමෝම තේරුම්ගත්තොත් හොඳයි......!!!! "

මහත්තය යන්තං එහෙම කියල වෙන්න ගිය විනාසෙ නැවත්තුව.....!!!

"අයියෙ බඩගිනී..!!!! ගිහිල්ලා උයනවකො...!!! මං මෙතන වැඩටික බලන්නං....!! "

තවත් මෙතන හිටියොත් මේ වසවර්තිය මොනව කරයිද කියල දන්නෙ නැති හින්ද උයන එකේ මුවාවෙන් විකියව ගෙදර යැව්ව.... ඒත් .....!!!

මාංචු Where stories live. Discover now