එක එක විකාර කියව කියව ඉඳල අන්තිමට අයියට මගෙ උකුලෙම නින්ද ගිහිල්ලා තිබ්බ....!!! පව් මහන්සි ඇති. කඩේට ගොඩක් දුර යන්න ඕනෙ...!!! ගෙනාවෙ බඩු පොඩ්ඩයි කිව්වට හාල් දහයක් එක්ක තවත් බඩු ගොඩක් අයිය ගෙනත් තිබ්බ......!!!අපේ වත්තට එන්න තියෙන්නෙ කන්දක් නැගල.ඉතිං එච්චර බඩු ගොඩක් උස්සන් අපේ ගෙදරට එනව කියන්නෙ සෙල්ලම් වැඩක් නෙවෙයි...!!! විකී මට වඩා ගොඩක් කෙට්ටුයි.ඒත් මූ මට වඩා සියදාස් ගුණයක් හයියයි.....!!!!
මං විකියව උස්සගෙන ගිහිල්ල ඇඳෙන් තියල ඌවත් බදාගෙන නිදාගත්ත...!!!දවල්ට කෑවෙත් හවස්වෙලා හින්ද රෑට උයන්න ඕනෙකමක් තිබ්බෙත් නෑ.අනික මහ වැස්සක් වහින්න ඔන්න මෙන්න තිබ්බ හින්ද කන්ද උඩට තිබ්බෙ පුදුම තරමෙ හීතලක්...!!! මගෙ විකියගෙන් හැමදාමත් මට දැනුනෙ හුරුපුරුදු සුවඳක් වගේම උණුසුමක්...!! ඉතිං මං ඒ උණුහුමේ පුරුදු විදිහටම නිදාගත්ත...!!
පහුවදා අපිට ඇහැරෙද්දි දබ වැස්ස....!!!කන්ද උඩ ඉඳල වතුරපාරවල් එන්නෙ හරියට දිය ඇලි වගේ...!!! විකියා හතරට පහට නැමිල මගෙ අස්සෙ ගුලිවෙලා නිදි...!!! උගෙ ඔලුව කොහෙද කකුල් කොහෙද කියල මට හිතාගන්න බෑ...!!!ඉතිං මං උන්ඩිය වගේ විකියව තදේට තුරුල්කරගත්ත......!!!!
"ඔච්චර හිරකරන්න එපා සුදු මහත්තයො මං මැරෙයි.....!!!! "
"අම්මෝ...!!! ඇහැරුනාද මගෙ ලේන් පැටියා...??? "
"ම්ම්ම්.... කෝ අතෑරපන්කො සුද්දො මාව....!!! නූල්ඩස් එකක් ගෙනාව ඊයෙ.ඒක හදල පරිප්පුවක් තෙම්පරාදු කරල රස්නෙපිටම කමු......!!! වැස්සෙ කන්න මරු කෑම.....!!! "
" අයියෝ අප්පා...!! වෙන මොකුත් නැද්ද කන්න....??? "
"මං ඊයෙ මස් වගයක් ගෙනාවා...!! ඒක දවල්ට හදන්නං කියල හිටියෙ රෑට ඉඳි ආප්ප තම්බන්න බලාගෙන.හිටපන්කො පරිප්පු කන්න කම්මැලිනං මං ඒකෙන් ටිකක් හදන්නං දැනට.....!!! "
මං කිව්වෙ වෙන දෙයක්...!!! ඒත් මේ මෝඩ ගොන් විකිය ඉබ්බ වගේ සීට් එක අස්සෙන් ඔලුව විතරක් එළියට දාගෙන මස් උයන්න හදනව.....
"කෝ හිටපන්කො සුද්දො මට නැගිටින්න...!!! නමයටත් වෙන්න ඇවිල්ලනෙ....!!! උඹට බඩගිනිත් ඇති..!! උඹ ඇහැරිලා හිටපු එකේ මට කතාකරානං මේ වෙද්දි උයලත් ඉවරයි ..!!! "
YOU ARE READING
මාංචු
Non-Fictionඋඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!