කෙරුමා

4K 260 95
                                    

"මම..... උඹල දන්නවද මං කවුද කියල....!!! දන්නෙ නෑ නේද...??? එහෙනං  දැනගනිල්ල මං තමයි  ආධිත්‍ය ...!!! ආධිත්‍ය දේවනාරායන...!!! මං කෝටිපතියෙක්....!! ඒවගේම මං සෙල්ලක්කාර කොල්ලෙක්...!!! ඒවගේම මං තරුවක්... හරියට මේ අහසෙ පායන ඉර වගේ....!!!!මිනිස්සු කියන්නෙ මට ළංවෙන හැම එකාම පිච්චිලා අලුවෙලා යන වෙලාව කියන්න බැරිලු...!!

ඒත් කෙල්ලො කියන්නෙ මං උන්ගෙ ලෝකවල සුපර් හීරෝලු....!!! මොකද මං හැන්ඩ්සම්...!!! මගෙ එක බැල්මක් ගන්න උන් ඕනෙ දෙයක් කරයි....!!! මං කිව්වෙ ඉතිං ඕනම දෙයක් ,,,,, තේරෙන්න ඇතිනෙ...!!!

ඒත් කොල්ලො මං ගැන කියන්නෙ..... නෑ....!!! උන් මොකුත් කියන්නෙ නෑ...!!! උන් ඊරිසියාවෙ පැලෙනව....!!!
පව් ඉතිං .......!!!! "

ගොඩක් අය හිතන් මේ මං මේ ඇවිල්ල තියෙන ගමන හැමෝටම එන්න පුළුවන් ගමනක් කියල....!!! අද මං මේ ඉන්න තැනට එන්න සල්ලි විතරයි ඕනෙ කියල...!!! ඒ උන් දන්න තරම....!!! සල්ලිකාරයෙක් එහෙම නැත්තං කෝටිපතියෙක් වෙන්න හැමෝටම බෑ......!!! අද සල්ලි තිබිල හෙට සල්ලි නැතුව පාරට වැටෙන ජාතියේ සල්ලිකාරයෙක් නොවී ඉන්න හැමෝටම බෑ.....!!!! ඒක හරි අමාරු දෙයක් .....!!!

ඔව් මිනිස්සු කියන කතාව ඇත්ත....
මං ඉරක්....!!!  මට විරුද්ධව එන ඕනෙ එකෙක්ව පුච්චල අලු කරල දාන්න පුළුවන් විදිහෙ ඉරක්......!!!

"Excuse me සර්..!! මොනවද ඕඩර් කරන්නෙ...?? "

මගෙ වෙන්ඩ වයිෆ්ව ඉස්සරහින් තියාගෙන ඒකිගෙ මූණ දිහා කන්න වගේ බලාගෙන හිටපු මගෙ අවදානෙ කොහෙද මන්ද ඉඳල ආපු වේටර් කාළකණ්නියෙක් හින්ද බිඳිල ගියා....

"උඹ මං කවුරු කියල හිතාගෙනද පකයො excuse නොකර මට කතාකරේ...??? "

"අනේ සොරි සර්....!! මං සර්ට excuse කරා සර් හිටියෙ වෙන කල්පනාවක..!! "

"තොපි ඔහොම කියල අපිට වහත් දෙයිනෙ...!!! පස්සෙ කියයි අනේ සර්, සර් හිටියෙ වෙන කල්පනාවක හරි සිහියෙන් හිටියද බලන්න වහ දුන්නෙ කියල.....!!!! "

"හේයි ආධි කාම් ඩවුන්..! මේ මනුස්සයට බනින්න එපා බේබ්.මෙයා ඔයාට excuse කරා.ඔයා වෙන කල්පනාවක හිටපු හින්ද ඇහුනෙ නෑ.....!!! "

"Shut up ශනූ...!!! shut up...!! මේක මගෙ කතාවක්... So shut up..!! ok...!! "

මං යකා වගේ ඒ ටික කිව්ව විතරයි ඒකි බිම බලාගෙන කට වහගත්ත.පස්සෙ ආයෙ මං හැරුනෙ වේටරය දිහාවට.....

මාංචු Where stories live. Discover now