බෲනො උගෙ මයින්ඩ් එකට ඊයෙ වෙච්ච දේවල් පිළිවෙලකට එකතු කරගෙන ඊයෙ අපි නොදැන නැවේ උනදේ අපිට කියන්න ගත්ත.......!!!"ඊයෙ සර්ල ඇතුලට යද්දි මං උඩට යන්න ගියානෙ...!!! ඒ වෙලාවෙ මං පාසි ගොඩක් උඩ අඩිය තියල මුහුදට වැටෙන්න ගියා...!!! ඒත් මගෙ වාසනාවට අර අලුත් සර් මං වැටෙනව දැකල අන්තිම මොහොතෙ පැනල මාව අල්ලගත්ත...!!! මගෙ වාසනාවට ඒ සර්ට මගෙ කමිසෙ තදට අහු උනා...!!! කෙට්ටුවට හිටියට ඒ සර්ට තියෙන්නෙ පුදුම හයියක් සර්.......!!!! "
"අර්ජුන් බෲනොව උඩට ඇදල ගත්තද....??? "
"ඔව් සර්...!!! අර්ජුන් සර් ඊයෙ මගෙ ජීවිතේ බේරුවා...!! ඒ සර්ට මං ජීවිතෙන් ණයයි දැන් ....!!! "
ජූනො එහෙම කියල උගෙ ඇස්වලට ආපු කඳුළු පිහදාද්දි ටිරෝන් මං දිහා බැලුවෙ මාව පුච්චල අලුකරල දාන බැල්මකින්....!!!! කවදාවත් මං මිනිහෙක්ගෙ මූණ දිහා පසුතැවීමකින් බලල නෑ.ඒත් අද මං ටිරෝන්ගෙ මූණ දිහා බලන් හිටියෙ ලොකු පසුතැවීමකින්.....!!!!
මොකද මං ඊයෙ මගෙ එකාට ආයෙමත් වතාවක් ලොකු වැරැද්දක් කරා. මං දන්නෑ මට තේරෙන්නෙ නෑ මගෙ මේ කේන්තිය කොහොමද පාලනේ කරගන්නෙ කියල...!!!! මගෙ මේ හැසිරීම ඉස්සරත් මෙහෙමයි බෙහෙත් කරන්න ලෙඩකුත් නෙවෙයි කියනව ඩොක්ටර්ස්ල හම්බෙන්න ගියහම...!!! ඉතිං මං මොකක්ද දෙයියනේ කරන්නෙ...!!!! මට හිතාගන්න බෑ...!!! තවත් උගෙ මූණ දිහා බලාගෙන මට ඉන්න බැරි හින්ද මං ආයෙමත් බෲනො දිහා බැලුවෙ එතනින් එහාට මොකක්ද මගෙ කෙරුමා කරේ කියල අහගන්න......!!!!
"වැටුන පාරට මගෙ කකුල යකඩ වැටේ වැදිල කොරවෙලා තිබ්බෙ සර්....!!! අර්ජුන් සර් තමයි මාව නැවේ කන්ට්‍රෝල් යුනිට් එකට අරගෙන ගියේ...!!! මමයි ඒ සරුයි දෙන්නම එකතුවෙලා හෙන ගේමක් දීල තමයි ඒ දොර ඇරියෙ....!!! "
කන්ට්‍රොල් යුනිට් එක වටේ තිබ්බ ගොඩක් වීදුරු ඒ වෙලාවෙ බිඳිල තිබ්බ...!!! මං ඇතුලට ගිහිල්ලා ඉක්මනට වටපිට බැලුවෙ මගෙ උදව්වට ඉන්න අනික් කැප්ටන් කෝ කියල උනත් ඌ ඒවෙලාවෙ ඇතුලෙ හිටියෙ නෑ...!!! හරිනං මේවගේ වෙලාවක ඌ අනිවාර්යයෙන්ම මෙහෙයුම් මැදිරියේ ඉන්න ඕනෙ.......!!!!
ඒවෙලාවෙ තමයි මට දෙලෝ රත් උනේ මේකව මුහුදට ගහගෙන ගියාවත්දෝ කියල....!!! ඒත් අපි දෙන්නට ඒ ගැන හිත හිත ඉන්න වෙලාවක් තිබ්බෙ නෑ මොකද ඒ වෙද්දි කැබින් එකේ වම් පැත්තෙ තිබ්බ නැවට කරන්ට එක දෙන සර්කිට් ඔක්කොමයි සුක්කානමයි කම්පාස් එකයි සම්පූර්ණයෙන්ම පාසිවලිනුයි මඩෙනුයි වැහිල තිබ්බෙ...!!!
YOU ARE READING
මාංචු
Non-Fictionඋඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!