හිම කඳු

4.8K 315 36
                                    


කෙරුමගෙ ඇස් පෙනුන වෙලාවෙ අපි හැසිරුන විදිහට ලංකාවෙ එහෙමනං අපිට නවතින්න වෙන්නෙ පොලිස් කූඩුවේ...!!! ඒත් මෙහෙ එහෙම නෑ.... අර්ජුන් කියන්නෙ මගෙ හස්බන් කියල හොස්පිටල් එකෙන් දැනන් හිටිය...... විශේෂෙන්ම අර්ජුන්ව බලන ඩොක්ට ඇලෙක්ස්......!!!

ඩොක්ට ඇලෙක්ස් තමයි අපිට ඇඩ්වයිස් කරේ ඔපරේෂන් එකට කලින් මැරි කරන්න එතකොට අපිට මෙහෙන් ගන්න පුළුවන් ෆැසිලිටීස් වැඩියි කියල. ඉතිං මෙහෙ ආපු මුල්ම දවස්ටිකේ මං අර්ජුන්ව මැරිකරා...!!!! අපිට ඕනෙ උනේ ඔපරේෂන් එක ඉක්මනට කරගන්න හින්ද අපේ මැරේජ් එක කාටවත්ම කිව්වෙ නෑ..... ඩෙවෝටයි ඇඩම්ටයි ඇර........!!!

මට US වල citizenship තියෙන හින්ද අර්ජුන්ටත් මැරේජ් එකෙන් පස්සෙ මෙහෙ citizenship හම්බුනා......

"කෙරුමා...!!! කෙරුමා...!! කෝ උඹ..?? "

"මං මෙහේ......!!! "

"මෙහෙ කියන්නෙ කොහෙද බං...??? දැන් තෝ ඇස්වලට බෙහෙත් දැම්මද කියපන්......!!! "

ටේබල් එක උඩ තිබ්බ eye drop bottle එකත් අරං මිදුලෙ තිබ්බ පයින් ගහකින් හොඳ හීනි කෝට්ටකුත් කඩන් මං ගෙයින් එළියට බැස්සෙ අර බූරු පැටිය කෑගහනව ඇහුනෙ ගේ පිටිපස්සෙන් ගලන ඇළපාර පැත්තෙන් හින්ද .......

"ආයි අම්මාහ්...!!! මොන හුත්තක්ද බං..!!! ඇයි ගහන්නෙ රෙද්ද ...??? "

"දැන් මං තොට දවස් කීයක්නං කිව්වද මේ දවස්ටිකේ ඇළේ බැහැගෙන දඟලන්න එපා වින්ටර් එක ළඟ හින්ද වතුර ගොඩක් හීතලයි කියල ....!!! "

"වතුර හීතල නෑ අප්පා....!!! මේ බලනවකො....!!! "

කෙරුමා එහෙම කියාගෙන ඌ වතුරෙ ඔබාගෙන හිටපු අතක් මගෙ කම්බුලේ තිබ්බ.මගෙ මුලු ඇඟම හිරිවැටිල ගියා උගේ අතේ තිබ්බ හීතලට....!!!

"උඹේ ස්නායු මැරිලද කෙරුමො...!!!!
මේ අයිස් වගේ හීතල වතුර හීතල නෑ කියන්නෙ ....??? "

"සැපට හැදිච්ච මහත්තුරුන්ට හීතල ඔරොත්තු දෙන්නෙ නෑ තමයි...!! මේ අපි වගේ හීතල රටවල් වල ඇවිදල...!! ෆිට් කොල්ලො වගේ ඉන්න ඕනෙ...!!! "

"වේටර් කොල්ලෙක් ගිය උඩ කිව්වලු...!!!මං එක්ක ඇවිත් මටම පුරාජේරු කියවනව...!!! අල්ලල ඔබනව තෝව ඔය ඇලේ......!!!! "

මාංචු Where stories live. Discover now