අයිය මාළුටික සුද්ද කරල නාගන්න යද්දි මං ගිහිල්ලා මාළු ටික ෆ්‍රිජ් එකට දැම්ම අපිට තිබ්බෙ තනිදොරේ පොඩි ෆ්‍රිජ් එකක්....!!! ඕකත් අයිය වත්තෙ මහත්තයගෙ නෝනට කියල ඉල්ලගත්තෙ.මහත්තය හැමදාම ගේනව ගේනව කියනව විතරයි හින්ද අයිය නෝනට කට්ට ගැහුව....!!!"ඒයි බූරුස්...!!! මොකෝ තනියෙම හිනාවෙන්නෙ...??? මායා උන්මාදෙද..??"
"අහ් නෑ බං අයියෙ....!!! මට මේ උඹ ෆ්‍රිජ් එක මෙහාට ගෙන්නගත්ත විදිහ මතක් උනා......!!! "
"ඕවා අපිට දුන්න කියල මහත්තයගෙ ඇඟෙන් කෑලි යන්නෙ නෑ බං...!!! අනික මං මහත්තයලගෙ දිහා ගිය වෙලාවෙ මහත්තයම තමයි කිව්වෙ ඕක දැන් එයාලට වැඩක් නැති එකක් කියල...!!!මේ ඒක නෙවෙයි..... කහට එකක් දාපන්කො බං වතුර හීතලයි අද ...!!! "
"නාගෙන එනවකො ඉක්මනට කේතලේ ලිපේ තියන්නං...!!! "
සබන් ගගා කුස්සියට ඇවිත් ඒක කියල ආයෙ ඌ නාන්න ගියා.කුස්සිය විනාසයි....!!! මේ වෙලාවට තමයි මේ උරුලෑවට පල්ලෙහා ඇලට වීසිවෙන්න එකක් දෙන්න හිතෙන්නෙ.....!!!
"දංගා හීතලයි.....!!! "
"ගේනව ගේනව ඉන්නව බෙරිහන් නොදී....!!! "
මං කහට එකයි සීනි බෝතලෙයි අරගෙන මිදුලට බහිද්දි අයිය මිදුලට ටිකක් එහාට වෙන්න ගල් පොත්තක් උඩ තියල තියෙන දිග කොන්ක්‍රීට් බංකුවේ සාලුවත් පොරොවගෙන ඉඳගෙන ඉන්නව........
"අහ් මෙන්න නාකි සීයෙ....!! පිච්චි පිච්චි රස්නෙපිටම බොන්නයි තියෙන්නෙ..!! "
"පිං හුජ්ජ වෙච්චාවෙ මේ දරුවට...!! "
"ඉදකින්...!!! තෝවනං අයියෙ හදන්න බෑ මේ කපේට....!!! කෝ අහකට වෙනව ටිකක් මටත් ඉඳගන්න....!!!! "
"අහ් මේ මොකද අලි බබා......!!! "
බංකුව දිගයි....!!! අයිය ඉඳගෙන හිටියෙ බංකුවේ මැද්දට වෙන්න.ඉතිං මං ඌව අයිනකට තල්ලුකරල උගෙ උකුලෙන් ඔලුව තියාගෙන තේ එක නොතිබ්බ උගෙ අත අරං මගෙ ඔලුවෙන් තියාගත්තෙ ඈතින් පේන නිල්පාට කඳු යාය දිහා බලාගෙන.......
"ඔලුව අතගාපන්කො අයියෙ...!! ගොඩ දවසකින් උඹ මගෙ ඔලුව අතගෑවෙ නෑ හරිද ......!!! "
YOU ARE READING
මාංචු
Non-Fictionඋඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!