ෆීනික්ස්

5.7K 360 211
                                    


එදා අපි හිටියෙ Montana වල Big Sky Resort එකේ.මේ සිද්දිය උන දවසෙ මට බිස්නස් මීටින් එකක් වැටිල Newyork යන්න වෙලා තිබ්බ....!!!ඒ හින්ද කෙරුමා Montana යන්න හිටියෙ තනියෙන්....!!!!

කෙරුම තනියෙන් මේ ගමන යන්න ලෑස්ති වෙද්දි කොච්චර important උනත් එදා මාත් ඌ පස්සෙන් ගියේ මට වෙනද නොදැනිච්ච හරි අමුත්තක් එදා ඌ ගැන දැනුන හින්ද...!! ඉතිං මං මීටින් එක කැන්සල් කරල කෙරුමා එක්ක Big sky resort එකට ගියා.......

"උඹ ගියහම බලපන්කො ආධි resort එකේ ලස්සන...!!! එක යායට හිම.... කන්ද උඩට ගියානං ජෙට් එක වගේ පාතට එන්න පුළුවන් .....!!!! "

"උඹ අද පරිස්සම් වෙයන් අර්ජුන්...!!! මට අද මහ අමුත්තක් දැනෙනව ඒකයි අද මං මේ උඹ එක්ක එන්නෙ ....!!! "

"බයවෙන්න එපා සර්...!!!මේ අර්ජුන් කිසිම වෙලාවක සර්ව තනිකරන්නෙ නෑ....!!!   දැන්නං පැන්නුවත් යන්නෑ සර්ව දාලා.....!!!! "

"මං උඹව මැරුවොත්....??? "

"හොල්මනක් වෙලා පස්සෙන් එනව..!! "

"මදෑ මුද්දක් හින්ද මං කරගත්ත අපරාධයක්....!!! "

"මොකක්ද කිව්වෙ දංගා.....??? "

"කන්ද උඩට ගිහිල්ල ජෙට් එක වගේ වේගෙන් පල්ලට එහෙම එන්න එපා...!!! එහෙම ආවොත් මං උඹේ හතරහංදි කඩල දර වෙනුවට ලිපට දානව කියල කිව්වෙ .....!!! "

"අනේ මේ උඹ නටහන්...!!! උඹ හිතුවද මේ skies  වලට බ්‍රේක් තියෙනව කියල පහළට එද්දි බ්‍රේක් ගහන්න .....!!! "

"නැත්තං හයිකරගනිං...!!! මං ආයෙ කියන්නෙ නෑ උඹට අර්ජුන්....!!! "

"ආධි උඹ කියන විදිහට හිමින් එන්න බෑ බං...!!! කඳු උඩ ඉඳල එද්දි හිම ගල්වෙලා නැති තැන් තිබ්බොත් බඩු බනිස්....!!! "

"බනිස් වලට බඩු පස්සෙ දාපන්... හිමින් ආවෙ නැත්තං අඬු කඩනව තොගෙ...!! යමන්කො අද....!!! "

කෙරුමට තර්ජන ගර්ජන කර කර මං කාර් එක Resort එකට අරං ආවා..... කෙරුමා කිව්වත් වගේ Resort එක පට්ට ලස්සනයි...!!! එක යායට හිම...... Resort එකට ඉස්සරහින් තිබ්බ කන්ද හිමෙන් වැහිල ගිහිල්ලා....!! හරියට සුදු රෙද්දක් පොරවල වගේ පයින් ගස්වල අතුවලට වැටිල තිබ්බ හිම පයින් කොලත් එක්කම ගස්වල ගල්වෙලා...!!!

මාංචු Where stories live. Discover now