විල්හෙල්ම්

4K 325 98
                                    


බොන්න් එපා කියල ආයෙත් බීපන් කිව්වහම කෙරුමගෙ මූණ බලන්න ලස්සනයි...!!! පොඩි එකා වගේ අහස පොළොව ගැටගහන්න ඌ කල්පනාව..!!

"බොන්න ඕනෙ නෑ සර්...!!! මං බොන්න ලොකු කැමැත්තක් නෑ...!!! "

"උඹට දැන් මං මොකක්ද කිව්වෙ...?? "

"නොබී ඉමුකො සර්....!!! "

"පල ඇඳගනිං ඇඳුමක් බූරුවා...!!!!දෙනව පුක පුපුරන්න බූරු පැටියගෙ...!!!හෙට උදේ අපි මොරෙස්බි වලින් යනව...!! මෙහෙ මතක් වෙන්නත් එක්ක යමන් බීර එකක් ගහල එන්න...!!! උඹ අකමැති නෑනෙ පිස්සු පූසො...!!! "

"ඒකටනං යං සර්...!!! හැබැයි අර ජරාව කන්න උනොත්නං දෙයියන්පල්ලා මං ඔලුව හැරුන අතක පැනල දුවනව සර්...!!! ඔන්න කිව්වෙ නෑ කියන්න එහෙම එපා.....!!! "

"තෝ පකයා බොන්න බැරිකමට නෙවෙයි මේ මරිසිය දාලා තියෙන්නෙ කැරපොත්තොයි පණුවොයි මතක්වෙලා නේද .....?? කවනව පුතේ...!! තොට අනිවාර්යයෙන්ම අද දෙනව හොඳ කෑමක්.....!!!! මං තොට ඔය දෙකෙන් එකක් කවනවම තමයි....!!!  ලෑස්ති වෙයන්......!!! "

විනාඩි දහයක් යද්දි මායි කෙරුමයි හිටියෙ ලූෆා ටවුමෙ අඳුරු පාරක....!!!කෙරුමා මගෙ පස්සෙ ආවෙ හරියට මරන්න අරගෙන යන හරකෙක් වගේ...!!ටිකක් උස කඩ දෙකක් අස්සෙන් රිංගල මට පුරුදු පාරකින් පොඩි බාර් එකකට මං කෙරුමව අරගෙන ආවා...!!!

මං මේ ආපු බාර් එක කරගෙන යන්නෙ නාවිකයො වෙනුවෙන්...!! ඒවගේම හොඳමදේ තමයි මෙතන නීති විරෝධියි.......!!! අපි යද්දිත් නාවිකයන්ගෙනුයි නැව්වල වැඩ කරන උන්ගෙනුයි තව එක එක ජාතියේ උන්ගෙනුයි එතන පිරිල තිබ්බ...!!! උන් මහ හයියෙන් හිනාවෙවී කුණුහරුප කිය කිය එතන සුපිරි ආතල් එකක් ගන්නව......!!!! මට උන් කියන ඒවා තේරුනාට කෙරුමට ඒවා තේරෙන්නෙ නැති හින්ද ඌ හොඳට ඒවා අහන් ඉන්නව.....!!!

"මරු තැනක්නෙ සර්....!!! කැමා අයියගෙ බාර් එක වගේ.....!!! "

"මොකාගෙ බාර් එක ...??? "

"අපේ උන් පඩි ගත්තහම හීනියට ෂොට් එකක් දාන්න යන බර් එක සර්...!!! ඒක තියෙන්නෙ මං හිටපු හොටෙල් එකට ටිකක් එහා....!!! මරු පොට් එක අතේ තියෙන ගාණට උනත් බිව්වැහැකි...!! අපේ ශකීල් කැමා අයියගෙ හොඳ කස්ටමර් කෙනෙක්...!!! "

මාංචු Where stories live. Discover now