නරලොව හොල්මන්

1.8K 151 70
                                    


එකපාරටම මෙච්චර වෙලාවක් නොතිබ්බ මහ අමුතු මීදුමක් පහන් පැල හදල තිබ්බ හරියෙන් මතුවෙන්න ගනිද්දි එක එක ඕපාදූප කියව කියව හිටපු මිනිස්සු ගල්බූත වෙලා නිස්සද්ද උනා...!!! පහන් පැල වටෙන් ගලාගෙන ආපු මීදුම තිබ්බෙ බිම් මට්ටමේ විතරයි. ඒක අමුතුම හීතලක්....!!! හැබැයි ඒ හීතල ආවෙ ඒ වෙලාවෙ අල්ලපු හුළඟට කියල මට හිතුනෙ... හැබැයි විකියත් මේ වෙනදේටනං ෆුල් කන්ෆියුස් කියල මට උගෙ මූණ දැක්කහම තේරුනා.....!!!

කට්ටඬියට ආවතේව කරන්න හිටපු එකා හෙන දුමක් ඒ මීදුම දිහාට අල්ලද්දි ඒ දුමයි මීදුමයි අස්සෙන් මැවුනෙ කෙල්ලෙක්ගෙ ජායාවක්....!!!!

ඇඟේ හිරිගඩු පිපෙන සීන් එක උනේ ඊටපස්සෙ....!!! ඒ ආපු එකී හීන් හඬකින් හිනාවෙන්න ගනිද්දි රංජිතා යටිගිරියෙන් හූ තියන්න අරං ඒ දිහාවට පැන්න....!!! එතකොටම කට්ටඬියා රංජිතාගෙ කොණ්ඩෙන් කරකවල අල්ලගෙන බිම ඉන්දවල අර මීදුමේ හිටපු එකීට සැර දුම්මල පාරක් ගැහුව....!!! පුදුමෙ කියන්නෙ ඒත් එක්කම ඒ ජායාව අතුරුදහන් උනා...!!!මට තේරුන එකමදේ තමයි කට්ටියම තක්බීර් වෙලා ගියා ඒක දැකල...!!!

"අයියෙ මොකක්ද බං ඒ උනේ ....??? "

"හහ්... උනේද...??? උඹ තාම මේවට අලුත් දංගා....!!! ඔහොම හිටපන්කො මං උඹට වෙච්ච දේ තව ටිකකින් පෙන්නනං....!!! "

මං බයවෙලා හිටියත් අයියගෙ මූණෙ තිබ්බෙ හෙන පාච්චල් හිනාවක්...!!!
මූ මේ දැන් කිව්වෙ මොකක්ද කියල ඇත්තටම ලාවටවත් මට තේරුනේ නෑ ......!!!

ඔතනින් පස්සෙ දේවල් සාමාන්‍ය විදිහට සිද්ද උනා රංජිතාගෙ බොරු ද ඇත්තද කියන්න බැරි යකා ගියා කියල කට්ටඬිය කියද්දි කට්ටියම කුසු කුසු ගාලා උන්ගෙ පුදුමෙ එලිකරා......

"දංගා වරෙන් මං එක්ක...!!! "

අයියා මාවත් ඇදගෙන ලීල අක්කලගෙ ගෙට එහා පැත්තෙන් තියෙන පාළු ගේ ගාවට ගිහිල්ලා හැංගුනා.ඔක්කොම හිටියෙ ඉස්සරහ හින්ද ඒ පැත්ත පට්ට පාළුයි......!!!

ටික වෙලාවකින් කට්ටියම එහෙ මෙහෙ වෙද්දි අපි ඉන්න දිහාට දුවගෙන ආවෙ අර කට වැහෙන්න මාස්ක් එක දාගෙන හිටපු බෙරකාරයා.මට හිතාගන්නවත් වෙලාවක් නොදී අයියා කොටියා වගේ උගෙ ඇඟට කඩාගෙන පැනල අර පාලු ගෙදරට ඌව ඇදගෙන ගියේ හැමෝගෙම ඇස් වහල.......!!!

මාංචු Tempat cerita menjadi hidup. Temukan sekarang