අයියා ගියාට පස්සෙ මාත් අත හෝදගෙන කිරි මඩුව පැත්තට ගියේ ඔට්ටපාළු ගෝනි දෙක වේලෙන්න දාන්න......
"ඒයි දංගා...!!! උඹ රෙද්ද දාලද ඔය යන්නෙ...?? "
"නෑ...!! ඇයි උඹට හදිස්සිද ......??? "
"ඔව් දැන් උනත් අව්ලක් නෑ හැබැයි...!!! "
"ඔය ඉන්නෙ රාජු උඹ ගාවම...!!! ඌව අල්ලගනිං මං එනකල් ....!!! "
මේ අවලමාට කට තියාගෙන නිකං ඉන්නම බෑ...!!! මොකක්හරි කියල මාව අවුස්සන එකමයි වැඩේ.බිම තිබ්බ රබර් ඇටයක් අහුලගෙන උට දමල ගහල මං පැනල දිව්වෙ එහෙම නොදිව්වනං ඕකා මට කිරි බාල්දියකින් හරි ගහනව කියල දන්න හින්ද .....!!!!
"දිව්වට ආයෙ උඹ එන්න එපෑ දංගා...!!!බලන් හිටපන් උඹට මං කරන දේ...!!!එකට දෙකයි රිටර්න් එක හරිද...??? "
අරූ කිරි මඩුවෙ ඉඳල කෑගහද්දි මං ඒක ඇහුනෙ නෑ වගේ ඇවිත් ඔට්ටපාළු ටික ඇදල අව්වට දැම්ම.ලොකු තෙතක් තිබ්බෙ නැතත් වේලන්න ඕනෙ තෙතක් ඒවගෙ තිබ්බ.ඒටික වේලෙන්න දාලා මං එතනම තිබ්බ ගලක් උඩට නැගල ඉඳගත්තෙ මෙතනින් එහෙ මෙහෙ ගියොත් ඔට්ටපාළු ටික බල්ලො උස්සගෙන දුවන හින්ද .......
අයිය කට්ටිය ගෙනාපු කිරි මනිනව.මේ වෙලාවෙ ඌ මැන මැන ඉන්නෙ ලීලා කියන ගෑණිගෙ කිරි ටික...!!! මට ඔය ගෑනිව පේන්න බෑ...!!! දත් වහල්ලම එළියෙ දාගෙන විරිතගෙන ඉන්නව.... හැබැයි ගිනි බෝම්බෙ....!!! දියයටින් ගින්දර අරං යන්න හරි දස්සයි ඔය ගෑනි...!!!!
" ආආ...දංගා මාත්තියා...!!! බර කල්පනාවක වගේ....!!! "
"අහ් මුත්තු , ගොඩ දවසකින්නෙ දැක්කෙ...!!!! සෙල්ලම්ම කිව්වෙ සනීපනෑ කියල.දැන් හොඳයිද
මුත්තු.....?? ""අයි අයියෝ ඒවා දැන් හොඳා...!!! ඒකනෙ මං වැඩට ආවෙ දංගා මාත්තියා....!!! තාම ඉතිං ඇඟට ටිකක් අමාරුයි .........!!!! "
"තව දවසක් දෙකක් ඉඳල එන්න තිබ්බෙ මුත්තුට...!!! අපේ අයිය වත්ත සුද්ද කරා මේ ටිකේ.....!!! "
"අයි අයියෝ මේ විකී මාත්තයා මගෙ රස්සාවත් නැති කරනව අප්පා...!!! "
මුත්තු හරි හොඳ මිනිහා.වත්තෙ සිල්ලර වැඩ කරන්න ඉන්නෙ.මටයි අයියටයි වඩා අවුරුදු අටකට වඩා වැඩිමල්....!!!
ඒ උනත් ඉන්නෙ නළුවා වගේ.බලන්න ඕනෙ උදේට වත්තට එද්දි මුගෙ සුවඳ...!!සෙන්ට් නාලා එන්නෙ.....!!!

VOUS LISEZ
මාංචු
Non-Fictionඋඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!