බාඳුරා

3.1K 243 36
                                    


මං ගහපුපාර කෙරුමට සැරටම වැදුන..!!! වැඩේ කියන්නෙ උගෙ පුකට ගහපු හින්ද මං ටිකක් සැරේට ඒ ෂොට් එක ගැහුවෙත්..!!!

"අ... අර්ජුන් අනේ වස්තුව සොරි...!! මං උඹේ පුකට බං ගැහුවෙ...!! ඇයි පස්සට පැන්නෙ ....??? "

"ඇටේ බොල් උනොත් තෝ තමයි දංගා වග කියන්න ඕනෙ...!!! ඉන්න බෑ යකෝ බඩ කොරවෙලා මගෙ.....!!!! "

"ෂිට්...!!! හිතල කරේනෑ බං මං...!!! කෝ නැගිටපන්කො හිමීට උඩට යං එතකොට අඩුවෙයි .....!!! "

"මොන උඩද සර්..!!! මට නැගිටින්නත් අමාරුයි...!! මෙහෙම ඉමු ටිකක් කැක්කුම අඩුවෙනකල් ..... "

කෙරුමා උගෙ ඇටේ බදාගෙන පඩිපෙළේ ඉඳගෙන ඇඹරෙනව.අපිව පාස් කරගෙන කට්ටිය යන හින්ද මට මොකුත් කරන්නත් බෑ...!!! ටිකකින් අපි හිටපු හරියෙ කවුරුත් නැති උන හින්ද මං කෙරුමගෙ යටිබඩ හරිය අතගෑවෙ උට ටිකක් හරි සහනයක් දැනෙන්න....

"අඩුයිද දැන් ....??? "

"දැන්නං ශේප් ආධි...!!! යමු....!!! ගොඩක් රෑවෙන්න කලින් කැලේ හරිය පහුකරගමු..!!! අපි දෙන්න විතරක් හින්ද මට ටිකක් බයයි....!!! "

"ඇයි බය....??? මං උඹට කරදර කරයි කියලද ....?? "

"ඒක ගැනනං අමුතුවෙන් බයවෙන්න දෙයක් නෑනෙ...!!! මට බය වෙන දෙයක් ගැන ....!!!! "

"ඒ මොකක්ද බං ....??? "

"අපි දෙන්නම කෝඩු බං...!!! කෝඩු යන අය මෙහෙදි කරන්න ඕනෙ වත් පිළිවෙත් වගයක් තියෙනවලු...!!! මං හරියට දන්නෙත් නෑ මොනවද ඒවා කියල...!!!! ඉඳිකට්ටට නූල දාලා ගහන්න පහනක් ගාව තැනක් තියෙනවලු..!! තාම ඒක හම්බුනෙත් නෑ.. අපි පාස් කරගෙන ඇවිත්ද මන්ද ..!! "

"තාම අපි ඉන්නෙ මුල් හරියෙ වගේනෙ බං අර්ජුන්.... තව උඩ ඇත්තෙ...!! උඩට යද්දි කාගෙන්හරි අහල බලමු..!!! "

කෙරුමට ටික වෙලාවක් යද්දි වේදනාවක් තිබ්බද කියලවත් සිහියක් නෑ....!!! මූ දකින දකින වතුර වලට පනිනව....!!! ඩෙනිමෙ දණිස්සටත් උඩට වෙන්න තෙමිලා.....!!!!

"ඒයි ආධි මෙහෙ වරෙන්කො බං ..!!!ඇවිත් ගලක් තියහන් මේක උඩින්....
අපි අලුත් ගල් කුළුණක් හදමු....!!! "

අපිට කලින් සිරීපාදෙ වඳින්න ආපු මිනිස්සු වතුර තියෙන තැන්වල ගල් උඩ ගල් තියල පිරමිඩ් වගේ හදල....!!!කෙරුමා දකින දකින ගල් පිරමිඩ් හැම එකටම අලුතෙන් ගල් කැට තියනව...!!!එහෙම තියන්න බැරි එකක් තිබ්බොත් මූ අලුතෙන් එකක් හදනව....!!!!

මාංචු Where stories live. Discover now