උරුමක්කාරයා

3K 252 35
                                    


"වේල දෙවේලේ කුසගිනි නොබලා
කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා...!!! "

මොකක්ද කියල කියාගන්න නොතේරුන හේතුවකට මං ඉස්සර ඉඳලම මේ සින්දුවේ ඔය පාර්ට් එකට මාර කැමතියි...!!! ඒක මට දැනුනෙ පුදුම විදිහට..... මං වැරහැලි ඇඳල නෑ තමයි. ඒත් මට ඒක පුදුම විදිහට දැනුනා....

ඉස්සර ඔය සින්දුවේ ඒ කෑල්ල විතරක් ඇයි මට එච්චර දැනෙන්නෙ කියන්න හේතුවක් නොතිබ්බට දැන්නං ඒක හොඳටම දැනෙන්න හේතුවක් තියෙනව...!!! ඒ තමයි අර්ජුන්.......!!!

අර්ජුන් කියන්නෙ තනිකරම කපල ඔපදාපු නැති දියමන්තියක්....!!! ඌ කවදාවත් දැනගන්නෙ නැති ඒත් මං ඒවගේම ටිරෝන් අහම්බෙන් දැනගත්ත හිතාගන්න බැරි කතාවක උරුමක්කාරයෙක් තමයි අර්ජුන් කියන්නෙ.......!!!!

"උඹ අහම්බෙන් හරි ඇහිඳගෙන තියෙන්නෙ ලේසිපාසු මැණිකක් නෙවෙයි ආධි......!!!! "

"වටෙන් ගොඩින් නැතුව මට විස්තරේ කියපන් ටිරෝන් විකාර නොකියා...!!!කවුද මේ විදිහට මාව මරන්න හදන්නෙ....??? මං දන්න තරමින් මට ඇටෑක් එකක් දෙන්න උවමනා එකෙක් මං කියන්නෙ පුළුවන් එකෙක් දැනට ඉතුරුවෙලා නෑ .....!!!! "

"ඔව් ආධි උඹ හරි....!! උන්ගෙ ටාගට් එක උඹ නෙවෙයි වෙන කෙනෙක්...!!! "

"අර්ජුන්....!!! "

"ඔව් ආධි... ඒ අර්ජුන්...!!! උඹත් නොදන්න උඹේ අර්ජුනුත් නොදන්න මහ භයානක කතාවක උරුමක්කාරයෙක් තමයි අර්ජුන් කියන්නෙ...!!! පූරුවේ කරපු මොකක්හරි පිනකට තමයි ඒ කොල්ලට උඹව හම්බෙලා තියෙන්නෙ..!! නැත්තං මේ වෙද්දි මේ කතාව ගැන අබමල් රේණුවක තරං දෙයක්වත් නොදන්න ඒ අහිංසක කොල්ලා අපි අතරෙ නෑ.......!!!! "

"ඒ මොකාද කියපන්...!!! මේ දැන්...
මේ දැන් මං උන්ව පණපිටින් පුච්චනව....!!! කියපන් මොකාද ඒ...!!! "

"කූල් ඩවුන් බ්‍රදර්...!!! උඹ නිකරුනේ කලබල වෙන්න ඕනෙ නෑ..... උන් ඔක්කොම මේ වෙද්දි යන්න ඕනෙ තැන්වලට ගිහිල්ල ඉවරයි ......!!! "

"ශිට්..!!! ඇයි බං එහෙම කරේ...??? "

"එහෙම කරේද ...?? එහෙම කරේ මං හයර් කරපු උන්ව දාලා උඹලව හොයනවට වඩා මට උඹේ මිනිහගෙ ලේ නෑයොන්වයි....!!!  මං එපා කියද්දි තෝ රෙද්ද අස්සෙ දාගත්ත නයින්වයි හොයල ඉවරකරන වැඩේ මට කරන්න ලේසි උන හින්ද.....!!!! "

මාංචු Where stories live. Discover now