කැපකිරීම්

2.8K 275 100
                                    


කෙරුමා මාව ලෝකෙට හොරෙන් අනාථයෙක් වගේ නිකරුනේ හංගන් හිටිය කියල කිව්වහම මට ආවෙ ඌව මරන්න තරං කේන්තියක්....!!! ඒත් මං ඉවසුවා මූ මගේ ජීවිතේ බේරපු හින්ද ...!!!

"සර් හිතන්නෙ මං සර්ගෙ සල්ලි ගන්න සර්ව හංගගෙන මෙහෙම දුක් වින්ද කියලද සර්.....???? "

"නැතුව මං වෙන මොනව හිතන්නද....??මුලින්ම මට කියපන් උඹ කොච්චර කාලයක් මාව මේක අස්සෙ තියාගෙන හිටියද කියල ....??? "

" අවුරුද්දකට කිට්ටුයි සර්..!!! "

" මොකක්....!!! අවුරුද්දක්...!!! අවුරුද්දක් උඹ මාව මේ ජරා අපායෙ තියාගෙන හිටියස්....!!! යකෝ මගෙ කෝටි ප්‍රකෝටි ගාණක ඉන්කම්.... ප්‍රොපටීස්...!!!! ඒවා  මේ වෙද්දි නැතිබංගස්තාන වෙලා ඇති....!!! ෂිට්..... උඹට මේවා කියල වැඩක්නෑ....!!!! උඹ වගේ එකෙක්ට මේවා තේරුම් ගන්න පුළුවන්කමක් නෑ ....!!!

මේ දැන්ම...!! මේ දැන්ම මාව පාරට ගිහිල්ලා දාපන් මට ගෙදර යන්න...!! "

"ඒත් සර් තාමත් සර් ආරක්ෂිත නෑ ...!!! අනේ වඳින්නං ගෙදර යන්න එපා සර්..!! මට සර්ව ආරක්ෂා කරන්න පුළුවන් එකම තැන මෙතන විතරයි...!!! "

"මගෙන් මැරුම් නොකා කියනදේ කරපන් පකයො....!!! තෝ හින්ද ඉවසනව මිසක් වෙන එකෙක්වනං මේ වෙද්දිත් මං මරල දාලා ......!!! "

එතනින් එහාට කෙරුමා ආයෙ වචනයක්වත් කිව්වෙ නෑ....!! මට අලුත් ඇඳුමක් දීල ඌත් අලුත් ඇඳුමක් ඇඳගත්ත. පොතක් අස්සෙ තිබිල රුපියල් හාරදාහක් ඌ අරං සාක්කුවට දාගන්න හදද්දි ඒක මං ඇදල ගත්ත.....

"මං හොරෙක් නෙවෙයි සර්...!!! ඕවා දාඩිය මහන්සියෙන් හම්බකරපු සල්ලි....!!! "

"ආ... මේ දාහා තියාගනිං එහෙනං...!!!මොකද අදින් පස්සෙ උඹට මගෙන් මොකුත් හම්බෙන්නෙ නැතිවෙයි ....!! "

මං රුපියල් දාහක් ආයෙ කෙරුමගෙ සාක්කුවට ඔබල ලබ්බ අස්සෙ තොවිලෙ වගේ තිබ්බ ගෙදරින් එළියට බැහල ආවා...!!!! කෙරුමා ටිකකින් මට ඉස්සරවෙලා මේන් රෝඩ් එකට යන්න පාර පෙන්නුව.විනාඩි විස්සක් විතර කඳු නැගල පල්ලම් බැහැල අපි මේන් රෝඩ් එකට ආවා...!!! මේන් රෝඩ් එක කිට්ටු වෙද්දිම ඈතින් බස් එකක් එනව දැකපු හින්ද මං කෙරුමව ඉස්සරකරගෙන බස් එකට දුවල යන්තං බස් එක අල්ලගත්ත....!!!!

මාංචු Where stories live. Discover now