කෙරුමා බඩගාගෙනම කබඩ් එක ගාවට ගිහිල්ල අර මියර් කැට් එකෙක් වගේ ඉස්සිලා මං දිහා බලනව....!!!කොහොමහරි එහෙම බලල මං නිදි වගේම හිටපු හින්ද මූ කබඩ් එක අරින්න හැදුවෙ කලිසමක් ගන්න උනත් මං ඊයෙ රෑ කබඩ් එක ලොක් කරල තිබ්බෙ...!!!ඒකට හේතුවනං කෙරුමා නෙවෙයි....!!කෝටි ගාණක ෆ්රොෆිට් එකක් එන ප්රොජෙක්ට් එකකට සම්බන්ධ ඩොකියුමන්ට්ස් වගයක් කබඩ් එකට දැම්මා හදිස්සියට.... ඒ හින්දයි මං කෙරුමගෙ ඇඳුම් එළියෙන් තියල කබඩ් එක ලොක් කරේ.....!!! මට ඌ ගැන සැකයක් ඇත්තෙ නෑ , ඒත් බිස්නස් වැඩ සම්බන්ධ දේවල්වලදි මං සෑහෙන්න පරිස්සම් වෙනව.....!!!!
මට හිනාව හිරකරගෙන ඉඳලම බඩත් මොකක්ද වෙලා....!!! ඔහොම මූ කඩඩ් එක අරින්න දඟලල බැරිම තැන ආයෙ මං ඉන්න පැත්ත බැලුව.... මං හිතන්නෙ ඇඳ උඩ තියෙන කලිසම මූ දැක්කා....!!මේකා හොර පූසා වගේ දණගාගෙන ඇඳගාවට ආවෙ මීක් සද්දයක් ඇහෙන්නෙ නැතිවෙන්න.... මට ලාවට පේනව මගෙ බඩට යටවෙලා තියෙන කලිසම ගන්න මූ අතදානව. කෙරුමගෙ අත මගෙ බඩ ගාවටම එනකල් ඉඳල මං නින්දෙන් වගේ උගෙ අත උඩට පෙරලුනා ..........
දැන් කෙරුමගෙ අත මගෙ බඩට යටවෙලා..... මූ කලිසමත් අල්ලගෙන හිමීට හිමීට අත එළියට අදින්න ෆුල් ට්රයි එක.මෙට්රස් එක සොෆ්ට් හින්ද උට ඒක කරන්න ලේසි. අනික උගෙ අත මහතත් නෑනෙ.....!!!!
මූ කොහොමහරි ශේප් එකේ අත ඇදල කලිසම අරගෙන රූම් එකෙන් එළියට දිව්වා.කාලෙකට පස්සෙ මං ඇස්වලින් කඳුලු පනිනකල් ඇඳේ පෙරලි පෙරලි හිනා උනා.කෙරුමා සමනල ආර පීනනව වගේ හෙලුවෙන් බිම බඩගාපු විදිහ මතක් වෙද්දිනං මට හිනාව නවත්තගන්නම බැරි උනා.......!!!!
කොහොමහරි විනාඩි විස්සකට පස්සෙ මං පහළට ගියේ සුපුරුදු හීතල මූණ හදාගෙන මං ගිහිල්ලා දොර අරිද්දි රෑ එළිවෙනකල් එළියෙ හිටිය වගේ කෙරුමා වැරන්ඩා එකේ කණුවකට හේත්තු වෙලා ඇස්වහගෙන ඉන්නව.දෙන්න හිතුන පකයට බෙල්ල ගැලවෙන්න රඟපෑමට.......!!!!
"නැගිටපන් නැගිටපන්...!! උඹ හිතුවද මේක මහපාර කියල හිඟන්නො වගේ නිදාගෙන ඉන්න....!!! "
මේපාර කෙරුමා බොරුවට හිටියත් මගෙ සද්දෙට උඩ ගිහිල්ලා නැගිට්ට...!!මූ තියෙන හොරකමට බිම බලාගෙන ඉන්නව.වෙනදා මං කොච්චර බැන්නත් එකපාරක් හරි උගුඩුවා වගේ මගෙ ඇස්දිහා බලනව......!!!!
![](https://img.wattpad.com/cover/369943458-288-k967846.jpg)
YOU ARE READING
මාංචු
Non-Fictionඋඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!