හුස්ම හිරවෙන ගතිය දරාගෙන මං එළියට පැනල වටපිට බලද්දි මං දැක්කෙ පෙඳපාසි ගොඩක් අස්සෙන් දඟල දඟල අමාරුවෙන් අපි ඉන්න දිහාට එන කැප්ටන් බෲනො...!!!සිද්ද උන කම්පනෙන් බෲනොව කැබින් එකෙන් එළියට වීසිවෙලාද කොහෙද බෲනො අපි දිහාට ආවෙ කොර ගගහ....!!! ඒ මදිමට බෲනොගෙ උරිස්සෙන් ලේ ගලනව......!!!!
"මො... මොකක්ද බෲනො මේ වෙන්නෙ....??? මොකක්ද මේ දුම...???සල්සර් කොහෙන්ද ...?? හුස්ම ගන්න අමාරුයිනෙ.....!!!! "
"ස... සර්....!! ගි... ගිනි කන්දක්...!!!
ගිනි කන්දක් පුපුරනව මේ ළඟම...!!! "බෲනො අසිහියෙන් වගේ ඈතට අත දික්කරගෙන කෑගැහුවෙ රතු පාටින් ගිනිගන්න අහස දිහායි අපි දිහායි මාරුවෙන් මාරුවට බලන ගමන්...!!!
මේ වෙද්දි අපේ නැව අංශක හතළිස් පහක් විතර ඇලවෙලා ගල්පර දෙකක් අස්සෙ හිරවෙලා තිබ්බ.ඒත් ගිනිකන්දෙ පිපුරුමත් එක්ක නැව ආයෙ ආයෙත් ගැස්සුනේ අපි තාමත් ඉන්නෙ මරණය පෙනි පෙනී කියල අපිට අනතුරු අඟවන ගමන්........!!!!!
"මොන හුත්තක්ද මේ වෙන්නෙ...??? "
අපි හිටපු හරියෙ මුලු මුහුදම තාර වගේ කළුපාට වෙලා...!!! ගිනිකන්දෙ රතුපාට එළියට මුහුදත් පෙනුනෙ හරියට ගිනිගන්නව වගේ...!!!! සැරින් සැරේට රතු පාටින් අඳුරු කහ පාටින් වගේම දම් පාටට හුරු නිල් පාටකින් හීනි ගිනිදලු ඒ ගිනිකන්දෙන් විහිදුනේ මහ භයානක විදිහට පිපුරුම් ඇති කරවන ගමන්....!!!
"බෲනො අපි මොකක්ද කරන්නෙ....???තාමත් අපි ඉන්නෙ මරු කටේ නේද...??නැව පෙරළෙයිද....??? "
"නෑ නෑ සර්...!!! නැව පෙරළෙන්නෙ නෑ මාව විශ්වාස කරන්න...!!!! නැව තියෙන්නෙ ගල්පර අස්සෙ හිරවෙලා...!! ඒත් අනතුරු තාම ඉවර නෑ.අපි පරිස්සම් වෙන්න ඕනෙ....!!!! "
එහෙම කියපු බෲනො ඇල්ගී පාසි උඩින් ලිස්ස ලිස්ස ඇඹරිලා ගිය යකඩ වැටවල්වල එල්ලිලා නැවේ මෙහෙයුම් මැදිරියට යන්න හෙන ගේමක් දුන්න...!!!
ඒ අස්සෙ මායි කෙරුමයි ටිරෝන්ලටයි අනික් වැඩ කරන උන්ටයි මොකක්ද උනේ කියල බලන්න ආයෙමත් නැව ඇතුලට දිව්වා......!!!!මේ වෙද්දි මුලු කැබින් එකම සම්පූර්ණයෙන්ම සුන්බුන් ගොඩක් වෙලා නැව පැත්තකට ඇලවෙලා තිබ්බ හින්ද කැබින් එකේ එක පැත්ටක් තනිකරම කරදිය තටාකයක් වෙලා තිබ්බ....!!!! අපි ඇතුලට යද්දි තුෂ්නිම්භූත වෙලා අපි දිහා බලාගෙන හිටියෙ ඇඩම්.....!!!!
![](https://img.wattpad.com/cover/369943458-288-k967846.jpg)
YOU ARE READING
මාංචු
Non-Fictionඋඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!