01

3.8K 169 19
                                    


කළුවර මල්  01

වෙනද වගේම ඉරදෙයියෝ කන්ද උඩට වඩින්න ලක ලැහැත්ති වෙද්දීම කොබේයිහේන කියන සුන්දර ගම්තුලානේ  කුරුලූ කොබේයියොත් උදැහැනැක්කේම රාජකාරියේ යන්න ලෑස්ති වෙලා තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙනද වගේම ඉරදෙයියෝ කන්ද උඩට වඩින්න ලක ලැහැත්ති වෙද්දීම කොබේයිහේන කියන සුන්දර ගම්තුලානේ  කුරුලූ කොබේයියොත් උදැහැනැක්කේම රාජකාරියේ යන්න ලෑස්ති වෙලා තිබුනා. සුදූ කොක්කුත් පෝයක්‌ නැතිවම කුඹුරුමැද්දේ නියරවල තිත්ත පැටව් එලිබහිනකන් සිල් සමාදන් උනා. ගස් වල කොලඅතුඅගින් වැටෙන්න බයේ ඔන්න මෙන්න කියලා එල්ලිලා හිටිය පිනි බින්දුත් රත්තරන් පාට ඉර එලිය එක්ක දිලිසෙන්න මග බලන් උන්නා..

"චුටියො..... චුටියෝ.. නැගිටපන්.. කොල්ලෝ... මං වලවව්ට යනවා..."

"ම්ම්ම්ම්හ්හ්හ් "

"අද මහ මැණිකේ කලින් එන්න කිව්ව‍ නේ වන්ඩු අප්ප වගයක් තම්බගන්න .. සුද්දී ගෙන් කිරි ටික අරන් මලයාටත් රත් කරලා දීලා බීපන් ඇ...... කොලුවෝ....."

"ම්ම්හුක්‌ "

"අනේ මෙහෙමත් නින්දක් "

පාන්දර 5 උනා විතරයි අම්මත් ඉරටත් කලින් වලවව් ට යන්ට හදන්නේ.... නින්ද නොනින්ද අතරේ අතරමන් වෙලා හිටිය මට කතා කරලා තේරුමක්‌ නෑය කියල තේරුණ අම්මා  මෙහෙමත් නින්දක්ය කියල පස්සත් රත් වෙන්න පාරක් දීගෙන එහෙට මෙහෙට කරද්දී කිරි කිරි ගලා අඩන දිරාපු දොර පලුවත් වහන් වලව්ව ට ගෑටුවා. කොච්චර ගුලි උනත් හිත පිරෙන්න උණුහුමක්‌ නොදෙන වලව්වේ ඇත්තෝ එපාය කියලා විසික් කොරන්න ලෝබ කමේ ආ කොලුවෝ උබ වත් පාවිච්චි කරපන් කියලා දීපු පරණ කොහු මෙට්ටේට මං තවත් ගුලි උනා....ඒත් ඉතිං ටික ටික එලිය වැටිගෙන ඉද්දී මට තවත් කොහු මෙට්ටේ ඉන්න පින  නැති උනේ  සුදු චුටියාට උදේට කිරි එකක් ඕනෙ නිසා . මං එහෙම්ම නැගිටලා මැටි බිම එලාපු කොහු මෙට්ටේ රෝල් කරලා මුල්ලකට කරල සරම් කෑල්ලත් ගැට ගහන් කාමරෙන් එලියට ආවා..

කළුවර මල් (Ongoing )Where stories live. Discover now