"අත්තම්මේ........!"
"මොකැ මයේ කොලු......"
මායි අත්තම්මායි උන්නේ වලව්වේ ඉස්තෝප්පුවට වෙලා....වලව්වෙ වත්ත මැද්දෙන් ඇදුන කහ පාට පරණ මයිනර් කාර් එකක් වලව්වෙ ගේට්ටුවෙන් එලියට ගිහින් නොපෙනී ගියා... හ්ම්ම්ම්..ඔව්....! මුතූ නගාලා ඇහැලේපොළ මහ වලව්වට ගියා....මුතූ යන ගමනුත් දැන්ම සිදාදියට යන්ට එපා අයියන්ඩි තව සති දෙක තුනකින් ඉස්කෝලේ නිවාඩු හම්බුනාම ලොකු නිවාඩුවට වලව්වට එනවාය කිය කිය යන්න ගියේ...මට හිතා ගන්න බැරි අර ඇටයෝ දෙන්නටත් දාහක් කට කැඩෙන කතා කියන මේකි ළමයිට මොනවා උගන්නවද කියල....!.. හැබැයි දන්නවද හොදම දේ...
"කෝ චුටි...අත්තම්මේ...."
තමන්ගේ ජන්මාන්තර වෛරක්කාරි වලව්වේන් යන සතුට විඳ ගන්න ඇටය ඇවිල්ලා උන්නේ නැ... දැන් උදේ 7ටත් ළග ඇති... වෙනදට කුකුළත් අතේ තියන් මගෙ කාමරේ දොර ගාව ඇඹරි ඇඹරි ඉන්න මිනිහා අද නැ....මට කොල්ලව හොයන්න වෙලාවක් හම්බුනේ නැ මුතු උදේ පාන්දර "අයියන්ඩිඩිඩි මං යනවාහ්හ්.." ගාගෙන කාමරේට කඩා පාත් උන නිසා.ඒකි ගියපු ගමන්ම මං අත්තම්මගෙන් ඇටයා ගැන ඇහුවා...
"හ්හ්හ්...... හහහ...." ඒකා වගේ පණ්ඩිත එකෙක් මං මේ අහල ගම් හතකවත් දැකල නැතුව ඇති මයේ කොලූ....ඔව් ඉතිං උඹලායෙ සීයා අප්පච්චි නෙව ඉස් ඉස්සෙරෝම ඕකාට වැලි පීල්ලේ අ යනු ආ යනු ලියන්ට ඉගැන්නුවෙ..... ඌට ගුරාගේ පණ්ඩිතකොම ම ගිහින් ඕන්...සියල්ල දත්... කියන කිසි දෙයක් කනට ගන්නේ නැ.. ඌ තමයි හරි......"
අත්තම්ම වලව් වත්ත දිහා බලාගෙනම දීපු ආත බූත උත්තරේට මාව අන්දුන් කුන්දුන් වෙලා ගියා...
"ඒ කතාවෙ තේරුම මොකක්ද අත්තම්මේ....."
"ඕන් කාන්තිගෙන්ම අහපල්ලාකෝ....විස්තරේ...."
අත්තම්මා මුනට හීනි හිනා රැල්ලක් පුරවන් ඔසරි පොටත් අතේ දවටගෙන වලව්ව ඇතුලට ගියා....
ඒ පාර අරූ මොනවා කරලාද......? ඉස් ඉසෙල්ලාම මගෙ ඔලුවට ආවේ ඒ ප්රශ්නේ....
"කාන්ති.... කාන්ති...."
"මහත්තයෝ....."
මං කුස්සියට යනකොට කාන්ති උදේට ඉදිආප්ප තම්බලා අල හොද්දක් කූරූ ගාන ගමන් උන්නා...හප්පා...මෙසේ උඩ සුදූ පාට නයි මිරිස් සම්බෝලයකුත් තියෙනවා ..මේවා දකිද්දී නැති බඩගිනිත් ලෝඩ් වෙනවා... ඒත් කන එකක් සැනසීමේ උගුරෙන් පහල යනව ඇයි ඇටයා නැතුව...
YOU ARE READING
කළුවර මල් (Ongoing )
Romance"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️