31

715 75 126
                                    

"චූටිටිටිටි ............................!"

ඔව්...!අදත් නඩුවක්.... "හ්හ්හ්...හහහ....."
උදේ පාන්දරම මම බර හුස්මක් පිට කලේ මට එන ආවේගේ පාලනය කරගන්න....

කාලෙකට පස්සේ උදේම නැගිටලා මම තනියම කාමරේ අස් කරන්න ගත්ත....මොකක්ද හේතුවකට චුටි මැණිකේට කියලා වැඩ කරවගන්න මට හිත දුන්නේ නැ..වැඩක් කරගන්න කොල්ලාව හවුල් කරගන්න හිතුනත්...ඒ හැම වෙලේම මට දැනුනේ පරන උනත් වලව් මාන්නේ උළුප්පන් ඉන්න මේ බිත්ති අතරේ මගෙ කොල්ලා මං එන්න කලින් වැඩ කාරයෙක් වගේ අනන්ත අප්‍රමාණ දුක් වින්ද කියලා විතරයි...ඉතිං මට‍ ඒකාගේ ඇබිත්තන් සරීරේ මහන්සි කරවන්න ඕනෙ උනේ නැ.... දුවිල්ලේ තියන්න බැරි කමට ඇටය යන්න බැ කියලා නටද්දීම මං ඌව කුස්සියට යවල දොර වහගෙන කාමරේ අස් කලා....ඇරත් පොඩි හාමු කාමර අස් කරනව දැක්කොත් මහා මැණිකේට පෙසර් නගීවී....

කාමරේ දුවිලි පිහලා ඇද ඇතිරිලි පවා මාරු කරලා අල්මාරියේ රෙදි ටික ඇදට දාල නවන්න ගත්තම තමයි මහා මැණිකේට කෙසේ වෙතත් මට පෙසර් නගින්න ගත්තේ....

"ඇයියියියිඉඉඉඉඉඉඉ............"

ඔය එන්නේ හැයි ගාගෙන...... එනකොට ඌ එනවා කියලා පෙන්නනද කොහෙද දොහ්හ් දොහ්හ් ගගා කකුල් සද්දේට බිම හප්ප හප්ප එන්නේ එකෙක්.... මූ කවදා පිළිවෙලකට හැදෙයි ද මන්ද....මං ඔලුව දෙපැත්තට වනල දොර ඇරිය.... ඊලග ආයේ ඇද ලගට ඇවිල්ල ඇද උඩ තිබුන සරම අතට අරගෙන දොර දිහාට හැරුනා...

යසයි.... අරූවත් කිහිල්ලේ ගහ ගෙන වලව්ව ඇතුලට ඇවිල්ල... අත්තම්ම දැක්ක නම් උන්දැගේ පණ මෙතනම යනවා....

"තියපන් ඕකව බිමින්....."

මං රවාගෙන දළු බණ්ඩාව බිමින් තියන්න කිව්ව‍ම පොර සේප් එකේ උව බිමින් තිබ්බා...මූ දැන් මට ටිකක් බයයි ඇ... හේ හේ....

"..............."

"කව්ද මේකේ අලියෝ ටික කැපුවෙ......🤨?"

",.............."

"චුටි මැණිකේ.... ආය මට අහන්න තියන්න එපා... මං එක පාරක් දෙයක් අහපුවම උත්තර දීපන්.....?"

"..........."

පොර ඇස් දෙක බෝල කරන් කටේ ඇගිල්ලක් ගහ ගත්ත බබා වගේ....මායම මුගේ...

කළුවර මල් (Ongoing )Où les histoires vivent. Découvrez maintenant