"මහත්තයෝ........"
"ම්න්....... කෝ අයියන්ඩි....."
"තාම ඇහැරියේ නෑ නොවැ....."
"ම්ම්න් .... ආ.."
"අපෙ අප්පෝ....මහත්තයෝ ඔව්වා උස්සාන ආවේ ඇයි.... මහා මැණිකේ දෙස් තියාවි..."
" උඹේ අයියා දැන් ආයේ ඔව්වා උස්සන් පහලට එන්ට එපැයි බං......ම්ම්....ආව එකේ මන්ම අරං ආවා....ඉදපන් මන් අරකව ඇහැරගෙන ඇවිල්ලා කවන්නම්....."
"මහත්තයට තේ එකක් වක්කරන්ටද...."
"ම්ම්න්..... කෝ අයියා...."
"ඇතුලේ කාමරේ ඕන් ..."
ඇටයා උදේ නිදාගත්තමයි 10 ටත් ලං වෙනකන් ආයේ වලව්වට ආවේ නෑ....බලන් ඉදල බැරිම තැන අනික් පොඩි ඇටයත් බඩගින්නේ ඇති කියලා හිතලා උටයි චුටි මැණිකේටයි එක්කම බත් බෙදාගෙන අත්තම්මා මයේ උපන්දිනේට හදලා තිබ්බ කැවිලි පෙවිලි මල්ලකුත් උස්සන් මන් වත්ත පහල කැරමල් පුඩිමගේ ගෙදර ආවා....මන් යද්දීත් මයේ චුටි මහත්තයා නිදි... අනික් පොඩි ඇටය පිලට වෙලා මාළු බලනවා....ඌ මට තේ එකක් හදන්න කුස්සියට යද්දී මන් චුටි මැණිකේගේ කාමරේ හොයාගෙන ගියා...
ඒක පරන චීත්ත රෙද්දකින් වහපු කාමර කැල්ලක් .... කාමරේට යන්නත් කලින් අර මායාකාර කිරි පුසුඹ හීනි හුලං රැල්ලක් එක්ක දොර රෙද්ද නලවගෙන ගාලාගෙන ආවේ කාමරේ අයිතිකාරයාව මට මතක් කරන ගමන්......මන් කාමරේ දොර රෙද්ද මැත් කරලා ඇතුලට ගියා....
"චුටි මැණිකේ.....!"
කොල්ලා නිදාගෙන උන්නේ බිම....... ලෙල්ලටම ගෙවිලා ගිය පරන කොහු මෙට්ටයක් උඩ චූටි මැණිකේ බෝලයක් වගේ ගුලි ගැහිලා උන්නේ පරණ චීත්ත කැල්ලක් ඔලුවෙ ඉදගෙන පොරවන්... ඇරල දාපු ජනේලේන් හුලං රැල්ලක් එනකොට කොල්ලා තවත් පරන පාට ගියපු චීත්තේ ඇතුලේ උන්ඩි ගැහෙනවා... උට ඒක මදි....කකුල් පොඩි දෙක එළියේ....දාන්ගලේට නින්දෙන් දගලල සරම තිබුනේ කොහෙවත්.... චූටි කලිසම් කොටේ විතරයි ඉතුරු...කොහු මෙට්ටේ අයිනක දළු බණ්ඩා උන්ඩි ගැහිලා උන්නා...මන් කාමරේ පුරා ඇස් අරං ගියා... හරි දුප්පත් කාමරයක්.... මේසයක් පුටුවක් වත් නෑ.....පොල් අතු වහලෙ තැනින් තැන තිබුන හිල් වලට ඉර එලිය වැටිලා තරු වගේ දිලිසුනා... ඒ හැම සිදුරකටම පහල ගොම මැටි බිම පොඩි වලක් හෑරිල තිබුනා.... වැස්සට තෙමෙන්නව ඇති... මට හිතුනේ එහෙමයි.... අයිනේ තිබුනේ පරණ මලකඩ කාපු පෙට්ටගගමක්.. කොල්ලගේ ඇදුම් ඇත්තේ එකේ.......චූටි කොහොමද මේකෙ වැස්සට නිදාගත්තේ.......සැප කියලා දෙයක් හීනෙන් වත් මුණ නොගැහුන ජිවිතයක්.... මගේ චුටිට උපතින් ලැබිල තිබුනේ එහෙම ජීවිතයක්..... ඇඳක් ගෙනත් දාලා වහලෙ සෙවිලි කරන්න ඕනෙ මන් වහලෙ දිහා බලාගෙන කල්පනා කලා.....
ESTÁS LEYENDO
කළුවර මල් (Ongoing )
Romance"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️