18

806 97 169
                                    

මං ඇටය ව වඩාගෙන වලව්වේ පහල ගේට්ටුවෙන් ඇතුලට ආවා..ඒ ගේට්ටුවෙන් ආවම වත්තේ කෙලවර තිබුන චුටිගේ ගෙදරට ලගයි..චුටි වගේම ඒ ගෙදරත් හරි පොඩියි..

"චුටි නැගිටපන්......."

"ම්ම්හ්හ්හ්...."

"ඇහැරුනේ නැත්තන්..ගෙදර නිදි කරවලා මං යනවා යන්න වලව්වට..."

ඒක ඇහුනා විතරක් එකෙක්ගේ නින්ද කොහෙන් ගියාද නෑ... ඉක්මනට ඇහැරලා මගේ මුනට එබුනා....

"නෑ නේ... මේ චුටි නිදි නෑ නේ..... යන් යන් වලව්වට යන්..."

ඇටයා කකුල් පද්ද පද්ද වලව්වට යමු ලු..  මගේ ඉන වටේ දාගෙන ඉන්න  කකුල් දෙක පද්දන පැද්දිල්ලට එව්වා ඇවිල්ල වදින්නේ මගේ පස්සේ..මං එකාගේ පස්සට යටින් අතක් තියාගෙන අල්ලන් හිටියේ නැත්තම් මූ එහෙම්ම රූටලා මගේ සරමත් කඩාගෙන බිමට වැටෙනවා... ඒතරම් නැටවිල්ල... අද හෙනම උන්නදුව පොරට වලව්වට යන්න..ඊයේ කාන්ති කියන්න ඇති චුටි මැණිකේ ගැන...

"වස්තුවේ......"

"ඕඕ.. "

"ඔන්න වලව්වට අමුත්තෙක් එනවාලු...."

"මුතු මැණිකේ නේ....මයේ අම්මා ඊයේ කිව්වා..."

"ම්ම්ම්.....උඹ එයාව දන්නවද.. ඉස්සර ඉදන් වලව්වට ආවා ගියා කියලා මහ මැණිකේ නම් කිව්වේ...මයේ වස්තුවගේ යාළුවෙක්ද චුටි මැණිකේ...."

මගේ නංගිගේ නම මුතූ ලු...මං මුතූ ගැන ඇහුවා විතරයි අමුතු බැල්මකින් මං දිහා බලන් හිටිය ඇටයා....

"ආආ...... යීශ්... චුටිටිටිටි....රිදෙනවා බුරුවෝ............."

හැපුව තමයි යකෝ.... හැපුවා... කනම හපල දැම්මා....ඊයේ බෙල්ල අද කන.... ස්ස්ස්ස් දැවිල්ලයි දැන්....

"මොකද බොල දෙයක් ඇහුවම කන කඩන්න හදන්නේ..."

මං පස්ස රත් වෙන්නම පාරක් දුන්නා..දෙයක් ඇහුවම කටක්‌ ඇරලා උත්තර දෙන්න බැ මුට..ඇඟට පැනල හපන්න නම් කට ඇරෙනවා...

"ඇයි.. ඇයි ඔයැයිට දුක ද ආආආ......මුතු මැණිකේ ගැන අහගන්ට බැරි උනාට... එයැයි තමයි ඔය වලව්වේන් මට පේන්ටම බැරි... යාලුවා ද කියලා ඇහුවා නේ ඇ...ඕකි පොඩි කාලේ ඉදන් මට කොලේ හතුරු කම්..මහ මැණිකේට කේලම් කියලා  පේර කෝටු කැඩේනකන් ඔය යස්සනි මට‍ දුටි ගස්සල තියෙනවා... එයැයි හිතාන ඉන්නේ මං එයැයි ගේ අත පල්ලෙන් වැටිලා කියලා... මට පේන්ට බැ ගිනි ඔය විජ්ජුම්බරේ...ඔයැයිට මං මේ බොහොම හොඳින් කියන්නේ මයේ මේඝ එකීලා එක්ක බජනේට ගිහින් අහු උනොත්.. අම්මපල්ලා මැණිකේගේ තෙල් බෝතලේ ඇඹෙනකන් දුටි ගහනවා බොලාට මම....ම්හුක්‌..."

කළුවර මල් (Ongoing )Where stories live. Discover now