කාවඩි බාර ඔප්පු කරපු මගේ රත්තරනව වඩාගෙන අපි කුලී ගෙදරට ආවෙ මහන්සියට නිදාගන්න බලාගෙන.... මොකද මේකා නටල ඉවර වෙනකන් මායි සාමි කලෙත් හිටගෙනම බලාගෙන ඉන්න එක......
ගෙදට ඇවිල්ලා නාලා එන ගමන් ගෙනාව කෑම එකක් කාලා සාමි නිදාගන්න කාමරේට යනකොට මං ඇටයට බත් කටක් කවන්න ඔරොප්පු වේවි හිටියා...මූ කන්නෙ නැ..නිදි මතේ ඔලුවත් කඩාගෙන වැටෙනවා...බත් කටක් කටට ඔබද්දී ඇස් වහගෙන හැට පැයක් හපනවා... ඌ කන්නෙ මොනවාද කියලවත් ඌ දන්නේ නැ..... අන්තිමට බලෙන් පොරෙන් බත් කාටවල් පහ හයක් කටට ඔබලා ඒ අතරේම මාත් කාලා ඒකා එක්ක නිදාගන්න ඇඳට ආවා....අරූ නම් ඇඳට දාන පමාව විතරයි බිත්තිය මුල්ලේ උන්ඩි වෙලා ගොර ඇද ඇද නිදි.....
මං බෑග් එකේ තිබුන ජෙල් එක අරගෙන ඇදේ ඉදගත්තේඇටයා නිදි අතරේ ඒක කකුල් දෙකේ ගාන්න.. ඇහැරගෙන ඉන්න වෙලාවක ගෑවොත් නහින්න හදයි... හිමිට ඇටයව මගේ පැත්තට හරවගෙන කකුල් දෙක ඔඩොක්කුවේ තියා ගන්නකොට නින්දෙන් පොර ටිකක් කෙදිරි ගෑවට මොකෝ ඌ ආයේ පැය දෙකක් තුනක් කෝමත් ඇස් අරින්නේ නැ .... කකුල් ඔඩොක්කුවට ගත්තමයි දැක්කේ අනේ ඒකාගේ ඇබිත්තමට නැති කකුල් පොඩි දෙක ඉදිමිලා තිබුනා.. ඇගිලි පුපුරලා ලේ උනල .. වේදනාවටද මන්ද කොල්ලා නින්දෙනුත් කෙඳිරි ගානවා... මං කකුල් වල ජෙල් ටිකක් ගාල උව තුරුල් කරගෙනම ඇඳේන් ඇලවෙලා කොල්ලගේ ඔලුව අත ගෑවා..මගේ අස්සටම රිංගපු ඇටය නින්දෙන්ම මගේ ඇඟ උඩින් අර ඇබින්දන් කකුලක් දාගන්නකොට උගේ කිරි පුසුඹ එක්ක මගෙත් ඇසුත් ඉබේටම බර වෙලා ගියා ...
--------------------------------------------------
..
.
.
.
.
.
..
.
සැනසීමෙන් නිදාගත්ත මගේ ඇස් හෝරා ගානක් පිය වෙලා තිබුනත් මං ඇහැරලා බලනකොට වෙලාව දවල් 12ට ලගයි.... අරක නම් තාම නිදි..පොර හිටියේ මගේ ඇඟ උඩ...පුපත් උඩ දාගෙන නින්දෙන්ම ශර්ට් එකකත් ගලවල විසික් කරලා මදිවට සරම තිබ්බෙත් ඇදෙන් පල්ල එල්ලිලා....උගේ ඇඟටම තිබුනේ චුටි කලිසම් කොටේ විතරයි .. ඒ අස්සේ මගේ පපුවෙ උඩ ගොළු බෙල්ලෙක් ගිහින් වගේ ලස්සන කෙල පාරක් තිබුනා.. එක්කෙනෙක් තාරාව වගේ උල් වෙච්ච තොල් පටෙන් තාම ගොළුබෙලි පාර මාර්ක් කරන ගමන්...
ESTÁS LEYENDO
කළුවර මල් (Ongoing )
Romance"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️