02

1K 125 8
                                    


"චුටියො.... මලයා කෑවද බං "

මං හිටියේ වලව්වේ කුස්සියේ රතු හුණු ගාල මැදපු බිම ඉදගෙන... කලා හුස්මක්‌ කටක් ගත්තේ නැති මයේ අම්මා ආයේ වලව්වේ දවල් බත ට පොලොස් මාළුවක් ලිපට කරන් දුන් කනවා..... සුදු චුටි ව ගෙදර තියලා දොරත් වහල වලව්වේ පස්සහා දොරෙන් කුස්සියට ගෑටුව මං කලා සෝදාපු මැටි මඩක්කු ව අයිනකට කරලා අම්මගේ බෙලෙක් පිගාන ලගින්ම නවල  එහෙම්ම බිම වාඩි උනා... බිම සීතලයි.මොකක්දෝ සනීපයක් දැනෙනව එහෙම ඉන්නකොට...

"ඕඕ අම්මේ "  බිම ඉදගෙනම මිමිනුවා..
මෙහේ සද්දේට කතා කරන්නත් තහනම් නොවෑ... මහා හාමු වැඩිය සද්ද බද්ද වලට කැමති නෑ.. උන්දැ ට තරහ යනවා ඕන්.. උන්දැ ට මුලග්ගින්න දෝ මන්ද...

අම්මා හිටියේ බට කැල්ලකින් ලිපට පිබ පිබ...  මයේ අම්මා කෙල්ල කාලේ හරි ලස්සනට ඉන්න ඇති කියලා හිතෙනන තරමට වේදනාවවට දුක් ගැහැට වලට නටබුන් උන ලස්සනක්‌ තවම අම්මගේ ඉතුරු වෙලා තිබ්බා..... දැන් කියලාත් මහා ලොකු වයසක්‌ නෑ..36 ලැබුවා විතරක්... ඒ උනාට ඇග නම් 40 පැන්න ගානට දිරල ගිහින් තිබ්බේ අම්මා ජිවිතේ කොච්චර දුක් උහුලන්න ඇද්ද කියලා හිත පාරවගෙන මට මතක් කරන ගමන්.. යට ගිහින් කළු උන ඇස්... නහර පැදිලා කර ගැට වලටම ගොරෝසු උන අත්...හැකිලිල ගිහින් පන අදින මායි සුදු චුටි තරගෙට කිරි උරාපු දෙතන..ඇට පෑදිලා ගිය උරස් පතු  වලට අම්මගේ හැට්ට කරත් දැන් ලොකුදෝ කියලා මට‍ හිතුනා..පාට ගිය චීත්ත කැල්ලක් ඉනට දවටන්... ඒ වගේ පාට ගියපු පරන හැට්ට කැල්ලක්‌ ආය කටු අමුණගෙන ඇදගෙන උගුර ලේ රහ කරන් ලිපට පිබින අම්මා ව මට පෙනුනේ ම සායම් ගියපු චිත්‍රයක් වගේ....ඔව් අපෙ ජිවිත තනිකරම සායම හෙදුන.. කාටවත්  ආයේ පාට ගාල හැඩ කරන්න නොහිතෙන චිත්‍රයක්... මායි අම්මයි සුදු චුටි ඒ චිත්රේ ඇතුලේ ඉදන් පාට වැටෙන දවසක් එයි ද කියලා හිත හිත පපුව ඇතුලින් හැමදාම  හීල්ලුවා..... අපේ හීල්ලුම්, පපුවේ ඇතුලේ හිරඋන ඉකිගැහිම්...,ලස්සන ලස්සන සායම් වලින් පාට වැටුන ජිවිත තිබ්බ මිනිස්සුන්ට පෙනුනේ නෑ. මං කල්පනා ලෝකෙන් බිමට පැනල බිමින් නැගිට්ටේ අම්මට ලිප පත්තු කරලා දෙන්න..
"කො අහකට වෙන්න මං පත්තු කරන්න... "

කළුවර මල් (Ongoing )Onde histórias criam vida. Descubra agora