මේඝ P. O. V:
"බහින්න.."
"ම්ම්ම්....මහත්තයෝ....."
"..ම්ම්ම්...."
"බ්.....බයයි..නොවැ.."
කොල්ලගේ ඇස් බයටම ලොකු වෙලා.. ටවුමේ සද්ද බද්ද වලට ගැස්සි ගැස්සි කොල්ලා car එකේ ජනේලේන් එලිය බලනවා...
"මං ඉන්නවා නෙ රත්තරන්....එන්න.."
උඹේ මහත්තයා මුළු සංසාරේ පුරවටම උඹේ එහාපැත්තේ ඉන්නවා වස්තුවේ..අද වගේම හෙටත් මං උඹේ අත මේ විදිහටම ආදරෙන් අල්ලන් ඉන්නවා...මං චූටිගේ ඇබිත්තන් අත තදකරලා අල්ලගෙන එයාව car එකෙන් බැස්සුවා...
මුළු ටව්මම සද්ද බද්ද වලින් පිරිලා... කිසිම කෙනෙක්ට අවධානයක් නොදී ජිවිතේ හැල්මේ දුවන මිනිස්සු....එදා වේල පිරිමහ ගන්නඑක ජිවිතේ ලොකුම ප්රශ්නේ උන....හැල්මේ යන එකම එක මනුස්සයෙක් හරි ආපිට හැරිලා බලයි කියලා අතපාගෙන දුක කියන මිනිස්සු.. හුස්ම ගන්න හුස්ම ටිකටත් වස පොවාගෙන එහෙ මෙහ් හැල්මේ දුවන වාහන...මේ හැම දෙයක්ම ජිවිතේ පලවෙනි පාරට ගමෙන් එලියට පය ගහපු මගේ චූටිව බය කරලා තිබුනා...
මායි චුටි හිටියේ ලොකු textile shop එකක් ඉස්සරහ.... තට්ටු ගානක් උඩට ඇදුම් සුකුරුත්තන් පුරවලා තිබ්බ ඇදුම් shop එක දිහා චූටි කටත් ඇරගෙන ඇස් ලොකු කරන් බලන් හිටියා.. ඇත්තටම මන් උඹ ඉස්සෙල්ලම දකින දවස අද උනා නම් මං උඹ ඔය ඉන්න විදිහට හිනා වෙනවා වස්තුවේ... හුරතල් කියලා හිනා වෙලා යන්න තිබුනා මට.. ඒත්...... මං දන්නවා උඹට ඔය හැගීම කොච්චර බරද කියලා.... ඒ බරටම උබේ ඔය හැගීම් වලින් පණ ගහන ඇස් ලොකු වෙද්දී මට ඕනෙ උනේම උඹට තුරුල් කරගෙන උඹෙන් සමාවගන්න රත්තරනෙ.. මමයි වැරදි.. උඹව හොයාගෙන කලින්ම නාව මං වැරදියි.. උඹට ලස්සන ජිවිතයක් හදන්න පරක්කු වෙලා උඹේ ජිවිතේට ආව මමයි වැරදි....
"වස්තුවේ යමුද....."
"ම්.. ම.. මහත්තයෝ... මේ... මේක ඇතුලට...."
"ම්ම්ම්ම්..."
චූටිගේ අහිංසක ඇස් දකිද්දි ඇදුම් කන පපුව එක්කම මෙච්චර කල් මං තනියම සැප වින්ද ජිවිතේට සාප කර කරම මම කොල්ලගේ අතෙන් අල්ලන් ඇතුලට අවා.. උඹට නැති සැප මට ඕනේ නැ චූටි..
YOU ARE READING
කළුවර මල් (Ongoing )
Romance"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️