25

820 98 84
                                    


මං ඇටයව අරං කෙලින්ම ආවෙ කාර් එකට...ඇවිත් අරගෙන ආව බෑග් එකෙන් ඇදුමක් අරං ඇඳගනින් කියලා අරූගෙ අතට දීලා කාර් එකෙන් එලියට ආවා... පොඩි පගය වතුරෙ නටලා තනිකරම දියබරියෙක් වගේ...වෙලාවට මං මූව එක්කන් යන තැන් වලට මහ අම්මණ්ඩි වගේ බැග් එකක මුගේ බඩු දාගෙන යන්නේ.. මූ කොයි වෙලාවේ මොනව ඉල්ලලා මොන ජවුසම නටයි ද කියලා sure නැ.. ඒ තරම් එක... වතුර තිබහක්‌ අල්ලුවොත් කාන්තාරයක් මැද හරි කමක් නැ උට වතුර දෙනකන් මායම් වෙයි.... එතකොට වැලි මිරිකලා හරි මං වතුර ගේන්න ඕනෙ... මුට මෙහෙ දාහේ දරාගන්න බැ.. එලියට බැස්ස ගමන් මූන රතු  වෙනවා.. විනාඩියෙන් විනාඩියට වතුර ඕනෙ....ඒ නිසා වතුර බෝතලේ ඉදන් මුගේ ජංගි කොටේට යනකන් මං බෑග් එකක දාගෙන අරං යනවා....

ඇටය ඇඳුමක් දාගත්තට පස්සේ අපි කඩවල් වල රෝන්දේ යන්න ලෑස්ති උනා.. මට වඩා සතුටු උනේ ඇටය.. උටනේ ඕනෙ උනේ කඩවල් අස්සේ රිංගන්න...කතරගම ලස්සන උනෙම මේ පාට පාට කඩවල් නිසා... එක තැනක පාට පාට පලතුරු ගොඩ ගහපු පලතුරු කඩවල්.. තවත් තැනක මල් කූඩ වල පාට පාටමල් පුරවන් ඉන්න මල් කෙල්ලෝ.. රස කැවිලි කඩවල්, සෙල්ලම් බඩු තොරම්බල් ආයිත්තම් පුරවපු  කඩවල්, සරුවත් කඩවල්.......ඇත්තටම ආදරේ කරන කෙනෙක්ගේ අතක් අල්ලන් මේ කඩ පේලි අස්සේ ඇවිදිනව කියන්නෙම හරි සුන්දර රෝන්දේ යාමක්....

"චුටි.. මැණිකේ මොනවාද ඕනේ...ම්ම්"

"අරක.... අරක ....අර රතු පාට එක...."

මූ උඩ පැන පැන ඉල්ලන්නේ වතුර විදින රතු පාට තුවක්කුවක්....හරිම අගෙයි මූ ඕකෙන් වටේ ඉන්න උන්ට වදදෙන්න ගත්තේ නැත්තම් එච්චරයි...

හරිම අගෙයි මූ ඕකෙන් වටේ ඉන්න උන්ට වදදෙන්න ගත්තේ නැත්තම් එච්චරයි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

අන්තිමට මුටයි මල්ලිටයි නිමල්ටයි පාට තුනෙන් තුනක් ගත්ත... මුන්ට වතුර විදින්න උනත් ආයුධ අරං දෙන්න බයයි..පොඩි එව්වාත් නෙවෙයි වතුර ලීටරයක් විතර හලන්න පුළුවන් පත size gun තුනක්...ඇටයගේ ආයුධ ටිකත් අරගෙන අපි එහෙම්ම ආවෙ රසකැවිලි කඩේකට....කතරගම කියන්නෙම දොදොල්, මස්කට්, බූන්දි වලට ප්‍රසිද්ද පලාතක්... කතරගම එන ඕනම වන්දනා නඩයක්‌ කතරගම දොදොල් අරං යන්න අමතක කරන්නේ නැ....

කළුවර මල් (Ongoing )Donde viven las historias. Descúbrelo ahora