"මේඝයොයෝයෝයෝ................."
ඒ පාර මොකද....? මං බල බල උන්න පොත වහල ඔලුව උස්සලා වලව් මිදුල දිහාට ඇස් ගෙනිච්ච.....මං උන්නේ ඉස්තෝප්පුවෙ ඉදගෙන පොතක් කියවන ගමන්.. දැන් හවස තුන පහු වෙලා ඇති.. නැටුම් ගුරා මාමා ගියාට පස්සේ ඇඟ පත සෝදන් මාත් ඇදුමක් දාගෙන ඉස්තෝප්පුවට ආවේ ඇටයාව පේන මානේ ඉන්න ඕනෙ නිසා.... පොර උන්නේ වලව්වේ මිදුලට ටිකක් එහායින් සාරේට හැදුන ජෑම් පෙර ගහේ අත්තක් උඩ ඉදගෙන... ගහේ කොළ වැහෙන්න ගෙඩි... රතු පාට..තද කොළ පාට.. කහ පාට...ඒ හැම ගෙඩියක්ම එකකට එකක් රසෙන් වෙනස් උනා.. සමහර එව්වා ගොඩක් ඇඹුල්, තවත් සමහර එව්වා ටිකක් ඇඹුල්, රතු පාට එව්වා නම් පැණි රහයි...ඔය අතරේ ඉදිලා පර වෙලා ගිය ගෙඩි ගොඩක් ගහ යට අයිතිවාසිකම් කියාන නිදාගෙන ඉන්නකොට ජෑම් පෙර ගහේ අත්තක් බදාගෙන ඉදන් උන්න රිලා පැංචෙක් එක අතකින් රතු පාට ගෙඩි කඩ කඩ සරම් ගැටේ ගුලි ගහ ගන්නව...ඔය සුදූ චුටිට...!...ඒ කරලා ආයේ ගෙඩියක් අරගෙන ඉස්සරහා හා දත් වලින් ලෑටි ගානවා....
"චූටියෝ......අපෙ අප්පෝ......අර මොකක්දැ අර........"
ආ අමතක උනා... තව බඩ්ඩක් එහා අත්තේ ඉදගෙන උන්නා... වෙන මොකාද ඉතිං.. අර අභ්‍යාවකාසෙට ලෙමන් පෆ් ගෙනියන එකා... නිමල් චන්ද්‍රකුමාර....! ඌත් අපි වලව්වට ඇවිල්ල පැය බාගයක් යන්න කලින් උගේ බොස්ව හොයාන වලව්වට ආවා... ඒ ආව පාර තමයි ඔය ගහ උඩ ඉදගෙන ජෑම් පේර ලොඹුටන්නේ..
"තවත් අස්පයෙක්...............!"
"අස්පයෙක්......?"
"ඕඕ මේ පාර සුදූ පාට අස්පයෙක්..........."
ඇටයෝ දෙන්නගේ කට වල් හාස් ගාලා ඇරිලා.... නිමලගේ අතේ උන්ඩි ගැහුන ජෑම් පේර ගෙඩි දෙක බිමට වැටුනේ ඌ දන්නෙත් නැතුව.... මාත් හාන්සි පුටුවේන් නැගිටලා මිදුලට බැස්සේ මුන් දෙන්නට ගහ උඩට පෙනුන සුදූ පාට අස්පයා මොකාද බලන්න....සුදූ පාට කාර් එකක්....! Car එක වලව්වත්තට හරවනකොටම මගෙ කට කොනට හිනාවක් ගියා... මුට මගෙ උපන්දිනේ අමතක වෙලා එහෙනන්........ඒ මගෙ අතිජාත මිත්‍රයා.... මෙච්චර කාලෙකට මගෙ දකුණු අත වගේ උන්න එකා... මගෙම නොඋන මගෙම සහෝදරයා... අභිරු අධීර සූරියවංශ....!
අභිරු කියන්නේ අප්පච්චිගේ හොදම යාලුවගේ පුතා... අභිරුලගේ අප්පච්චියි අපෙ අප්පච්චියි බිස්නස් patner ලා.... අපි චුටි කාලේ ඉදන් ලොකු උනේ එකට...
VOCÊ ESTÁ LENDO
කළුවර මල් (Ongoing )
Romance"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️