23

744 109 105
                                    

ජීවිතේ සමහර දවස් තියෙනවා අපිට කවදාවත් අමතක නොවෙන......අදත් ඒ වගේ දවසක්‌...තියන අඩියක් අඩියක් ගානෙම  උනේ මගේ පපුකැනැත්ත හිරි වැටුන එක .... ශ්‍රී කදිරාගේ මහා දේවාලයට ලං වෙන්න ලං වෙන්න මගේ පපුව ගැහෙන වේගේ වැඩි උනා... තව ටික දුරයි වස්තුවේ... ඊටපස්සේ උඹට මාව කැප නැ... මගේ අතේ එල්ලිලා සුදූ පාට ඇබින්දන් සරම් කොටේට ලා තැඹිලි පාට ශිර්ට් එකක් ඇදල  තැඹිලි ගෙඩියක් වගේ උඩ පැන පැනයන මගේ රත්තරන දිහා බලාගෙන මම බර හුස්ම රැලි ඇල්ලුවා.... අපි මේ කිරිවෙහෙර වැඳලා කතරගම මහ දේවාලේට යන ගමන්...තව ටික වෙලාවකින් මගේ රත්තරනව මට කන්ද කුමාරයාට භාර කරන්න වෙනවා...

"චුටි..වරෙන් වඩා ගන්න..."

හිතට ආව ලෝභකමටද මන්ද මං උඩ පැන පැන ආව කොල්ලව තුරුල් කරලා වඩා ගත්ත.... වඩා ගත්ත විතරයි එක්කෙනෙක්ගේ කට කනට ගියා....වඩා ගන්නම එපා කියන බඩ්ඩක්‌නේ මූ....  මගේ උරහිසක ඔලුව ගහ ගත්ත ඇටය මට‍ එහා පැත්තෙන් ඇවිදගෙන එන සාමිට අර හා
දත් පෙන්න පෙන්න හිනා වෙනවා....ඔය එක්කෙනෙක්ට  චූන් එකක් ගිහින්  අද මේඝ මායම් වෙන්න කලින් කතා කරලම වඩා ගත්තනේ...සාමිත් හිනා වෙලා කොල්ලාගේ ඔලුව අත ගානවා...  මහ ලොකුවට පිටට නොපෙන්නුවට සාමි, වෙද සීයා අපෙ සීයා අප්පච්චි  හිටියේ මගේ රත්තරනට පණ ඇරල...

අපි ඉස්සරහට යනකොට එක පාරට දැකපු දෙයින් මගේ කකුල් හිරි වැටිලා හීන් දාඩිය දාන්න ගත්ත... ගොන් පගය දැන් මෙව්වා දැක්කොත් අද කාවඩි නෙවෙයි නටන්න වෙන්නේ....මං පට ගාලා ඇටය දිහා බැලුවා... දැකල නැ දැකලා නෑ.. සැනසීමයි whutto සැනසීමයි.... තාම පොර හිනා වේවි සාමි එක්ක හුරතල් වෙනවා... අත දික් කර කර සාමිගේ  දිග රැවුල අල්ලනවා...වෙද සීයාගේ රැවුලට සොට් එක දීලා මදි වෙලා  "ම්ම්ම්.. ගිනි තියන්න සුපිරි බඩුවක්" කියලා හිතනවද දන්නේ නැ..

ඉස්සරහා පාර දෙපැත්තතේ තිබුනේ එක එක සුකුරුත්තන් එල්ලපු කඩවල් පේලියක්‌.. සෙල්ලම් බඩු...මාල, වලලු, තොරෝම්බල් එල්ලලා තිබුන  කඩවල් පාට පාට ලයිට් එලි වලට දිලිසුනා.....ආයිශ්...මුන්ට රතු පාට නැතුව වෙන පාටක් තිබ්බෙම නැද්ද යකෝ එල්ලන්න....හැම සුකුරුත්තම් කඩේකම ඉස්සරහ මොනවාම හරි රතු පාට මගුලක් එල්ලලා තිබුනා මදිවට පාරේ දෙපැත්තේ ඉදන් ඒ මිනිස්සු යන එන අයට බඩු ගන්න එන්න කතා කරනවා...

කළුවර මල් (Ongoing )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin