හිමිවීම......! ජිවිතේ හිමිවීමක් ලබන්න නම් අහිමිවීමක් විඳින්නම ඕනෙ...මන් මේ දවස් ගානක කටුක අහිමි වීමකට පස්සේ හිමිවීමක රහ බලන ගමන්.... මිනිස්සු අහිමිවීම් වලට කොච්චර බැන්නත්...අහිමිවීමක් නෙමේද හිමිවීමක රසය වැඩි කරන්නේ...? නොලැබුණු දේවල් නෙමේද මිනිස්සු ලැබුණහම සතුටින් තුරුල් කරගන්නේ... ම්ම්ම්..... අහිමි වීම කියන්නෙම හිමිවීමක් රහ කරන රසකාරකයක්.... ඉතිං මාත් අහිමිවීම නිසා රස වුණ මගේ හිමිවීම දිහා බලාගෙන උන්නා..... චූටි......!
ඇටයා වැල්ලේ හරහා වැටුන ලී කොටයක් උඩ මට එහා පැත්තෙ ඉඳගෙන ඇබින්දන් ඇඟිලි වලින් වැල්ලේ කෝලම් රටා ඇන්දා.. අපිට ඉස්සරහින් දැල්උන ගිනි මැලයක උණුහුම මගේ මුනට වදිනකොට... මුහුදු හුලග එක්ක නැලඋන ගිනි දළු හිනා රැලි පිරුණු සාජ්ජයකට ආවඩාආයුබෝ කිව්වා....
"හ්ම්ම්ම්ම්......"සුවඳයි......
ඒ අලුත් මාළු බැදෙන සුවඳ...., ඉසබෙල් අක්කගේ වඩියේ පෙරාපු අලුත් කසිප්පු වල සැර සුවඳ..., ඒ මං මීට අව්රුදු දෙකකට කලින් අන්තෝනියො එක එකතු වෙලා මල් බෙරි, මිදි දාල හදපු...ලී අල්මාරියේ උඩම මුල්ලක අරං තියල ගිය ලොකු වයින් බෝතලෙන් එන වයින් සුවඳ.....ඔව් දැන් ඒ වයින් වලටත් අව්රුදු දෙකක් වයසයි..... ඒ වගේම රසයි...
ESTÁS LEYENDO
කළුවර මල් (Ongoing )
Romance"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️