15

849 103 85
                                    

මොන වදයක් ද කන්දේ දෙයියනෙ..!

වලව්ට ගොඩ වෙන්නවත් දුන්නාද මේ යක්ස පෙට්ටගම... සබන්...! සබන්ම තමයි ගෙනත් දෙන්න ඕනේ බොට... කහබිලියා අත්තක් උලාගෙන නාපියකෝ ඔය අමාරුකම් ටික යන්නත් එක්ක... ඇයි වදේ... වලව්ට ගොඩ උනා විතරයි චූචියෝ සබන් කැල්ලක් ගෙනෙන් ගෑව....ගඳිච්චි...!.බෙහෙත් තෙල් බෝතලේම නලා ගඳ ගහා ගහා හැමතැනම යනවා මදිවට තව පුසුඹ සබනුත් ඕනේ වෙලා නාන්ට... කොච්චර ඉලුවත් ගඳයා ගඳම තමයි ...චූටිට මේඝයා බලන්න දුන්නේත් නෑ.. ම්ම්ම්හ්හ්ක්‌...හිටපන්කෝ මං ගෙනත්ම දෙන්නම් බොලාට පුසුඹ සබන්......

මං නාකි පෙට්ටගමට දෙහි කප කප වලව්වේ වත්ත පහු කරන් අතුරු පාරට හැරෙන ගමන් උන්නා..තව ටිකක් දුර ගියාම තුන් මං හන්දිය ඕන්...පොල් ගස්,මාර ගස්, ඇහැල ගස්,කජු ගස්, වෙරළු ගස් පාර දෙපැත්ත මුර කොරන් හිටියා..කජු කාලේ නම් පහු උනා නෙව වෙරළු නම් තියෙනවා.... යනකොට වෙරළු ටිකක් කඩාගෙන යන්න ඕනේ...මලයා මනාපයි වෙරළු ලුණුයි මිරිස් කූඩුයි දාලා කන්ට...

තුන්මං හන්දිය ඔන්න මෙන්න තියලා මට ඉහින් කනින් දාඩිය දාන්ට ගත්තේ මං කඩේ යන්ට මෙච්චරම අමනාප වෙන්ට හේතුව මතක් වෙලා.... අනේ අර වහන්තරාව ඉන්නවාද දන්නේනෑ........ වහන්තරාවද ....? තව ඩිංගකින් බොලාලාට බලාගන්ට පුළුවන් ඕන්...

අනේ කන්දේදෙයියනේ ඉන්නවා නේන්නං...ගිනිගෙඩිය.....! ඌව දැක්ක පමාවට මං ඇස් දෙක හීනි කොර ගත්ත..සරම් ගැටේ කඩා ගත්ත ඊටපස්සේ එක තව ටික්කක් උස්සලා බඩගෙඩිය උඩටම හිර කොරලාම ඇඳ ගත්ත...පන් මල්ල තදකොරලා කිහිල්ලේ ගහ ගත්ත..දැන් නම් ඇඟත් වෙව්ලනවා වගේ...බයට නෙවේයි... ම්හ්හ්ක්‌.. මට පිට් එක...ඕන්

මං සියඹලා ගහ ලගට ලං වෙනකොටම අරූ නැගිට්ට...

"චූටියෝ............ මෙහෙ වරෙන් කොලුවෝ...."

උගේ කට හඩ ඇහුනා විතරයි මයේ ඇබිති කොට කකුල් දෙකට කන්දේ දෙයිහාමුදුරුවන්ගේම පිහිටයි කියලා මං කෑගහගෙන දුවන්න ගත්ත....

"ඇඇ ......................හ්හ්හ්හ් කන්දේ දෙයි හාමුදුරුවනේ මාව බේරපල්ලා... මෙන්න මූ පස්සේන් පන්නනො...."

මං ගම හෙල්ලෙන්නම හූ තියාගෙන පිස්සු පාලයාගෙන් බේරෙන්න දිව්වා....අරකා ඔලුව හොදනැති එකා වගේ හිනා වේවි එකා ගාවට එන්ට කිය කිය බෙර කොටේ වගේ සරම් පහලෝවක් විතරයි ඇඟ වටේ ඔතන් වැටී වැටී පස්සෙන් එනවා.....අමතක උනා ඔලුව හොද නෑ තමයි නේන්නම්.... මූව නගර සබාවට අල්ලලා දෙන්ට ඕනේ ඉස්පිරිතාලේට ගිහින් දාන්ට කියලා...අපෙ ගමේ පිස්සු බල්ලෝ ටික විතරයි නෙව උන්දලා කුදලන් ගියේ...මං මුගෙන් බඩ වෙනකන් මේ හැත්ත මූව කුදලං යන්නේ නෑ.. තිරිසන්නු.......

කළුවර මල් (Ongoing )Onde histórias criam vida. Descubra agora