චුටි P.O.V:
වෙනද වගේම මම මයේ මේඝ ගේ කාමරේට කහට එකක් අරං යන ගමන් උන්නේ. එයැයි හරි මනාපයි සීනි නැති කහට එකක් එක්ක කැවුම් කන්ට.. මේ චුටිත් මනාපයි නොවැ... ඒ නිසා එයැයි කහට එකේ බාගයක් බිලා ඉතුරු බාගේ මාව ඔඩොක්කුවේ ඉන්දගෙන මට පොවනව ඕන්... ඉතිං මං එයැයි ගේ ඔඩොක්කුවේ ඉදගෙන කැවුමක් අතට අරං කකුල් පද්ද පද්ද ඒක කනකොට එයැයි මට එයැයිගේ කහට කෝප්පේට පිඹලා පිඹලා මයේ කටට ලං කරනවා...ඉතිං මේ චුටිත් ගුඩුස් කියලා බොනවා...රස්නේත් නැ නොවැ. එයැයි නිවල නේ පොවන්නේ.. එයැයි කවදාවත් මගේ කට පුච්චන්නේ නැ ඕන්.. ඉතිං මං කෝප්පේ ලං කොරාපු පමාවට ගුඩුස් ගාලා බය නැතුව කහට එක බීලා දානවා....
"මයේ මේඝ අයියන්ඩි...."
අර වහන්තරාව නේද මේඝගේ කාමරේ ඉදන් මායමට කතා කොරන්නේ...කවද්ද මයේ මිනිහා උඹට" මයේ "උනේ...මං දොර රෙද්ද එහා පැත්තේ ඉදන් කතාවට හොරෙන් කන තියාගෙන හිටියා.. අම්මපා මයේ මිනිහා මේකි එක්ක මනමාලකම් කොරන්ට ගියොත් කහට එක එකාගේ ඔලුවෙ නමල,, අරකිට විදුරු කෝප්පේන්ම දමලා අරිනව ඕන්.....මේ චුටි පව් නොවැ....
"මයේ නගා...."
ම්ම්ම්හ්හ්ක්ක්....අනේ....මයේ නගාලු...අනේ කන්දේදෙයියනේ... මට මෙව්වා උහුලන්ට බැරුවා...අද මේකා මගෙන් කන එක කනවා බන්දේසි පාරක්..
"මයේ අයියන්ඩි...ආන් අත්තම්මලා අපෙ දීගේ තින්දු කොරලා..... උඹලාගේ අමනාපයක් නැ නේද මයේ මහත්තයෝ..."
අනේ මගේ අත වෙව්ලනව බොලව්නේ.... ඇඟට පණ නැ වගේ.. උගුර කට වේලිලා ගියා..අනේ මහත්තයෝ මං බොලාට කිව්වා කල් තියාම ඔව්වා... මං කිව්වා බොලාට ඕකිලා කරට එයි බජනේට නොයා ඉන්ට කියලා...අනේ මයේ මේඝ මනාප වෙන්ට නං එපා...
"උඹ ඔය කියන්නේ ඇත්තද මයේ නගා.... කියපන් උඹ ඔය කියන්නේ බොරුවක් නෙවෙයි නේද මුතු.. ම්ම්ම්... මං උඹට අමනාප වෙන්නේ ඇයි මයේ වස්තුවේ.... ම්ම්ම්.. කියාපන් වෙලාපත්කඩ බලන්ට දිනයක් දාගන්ට කියලා..මං අපෙ අප්පච්චලා එක්කත් මෙව්වා කතා කරන්නම්.."
මගේ ඇස් වලටත් හොරා කදුළු කැට මයේ කම්මුල් තෙමාගෙන පල්ලම් බැස්ස... මගේ පපුව ඇදුම්කනවා කන්දේදෙයිහාමුදුරුවනේ..හුස්ම හිර වෙන්ට වගේ ... අනේ මයේ මේඝ මට කොලේ බොරුවක්‌ද..වලව්වේ ඉදුල් කන එකාට වඩා වලව්වේ චුටි මැණිකේ හොදයි කියලා හිතුනද මයේ මේඝ...එහෙම නැත්තම් අරකිලා මයේ ඇත්තෝට ඉනාවක්වත් කවලද..මගේ තොල් පට වෙව්ලනව.... මං එහෙම්ම දොර රෙද්ද
ඈත් කරලා ඇතුලට ගියා..
VOCÊ ESTÁ LENDO
කළුවර මල් (Ongoing )
Romance"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️