මේඝණ රධීෂ්වර P. O. V:
වලව්වට ගොඩ වෙනකොටම... නමෝ විත්තියෙන් අත්තම්මා ගේ කුණු බැනුම් වරුසාවත් අහගෙන..මේ කනෙන් අහලා අනික් කනෙන් පිට කලා... මේ වයසක මිනිස්සුන්ගේ මාන්නක්කාරකම් යවන්න අමාරුයි... උපන් දා ඉදන් මාන්නේ එක්කම හැදිලා ඒවා ලේ වලටත් කාවැදිලා...මට වෙලාවකට සතුටුයි අප්පච්චි මාව වලව්වේ උස් මහත් නොකළ එකට.එහෙම උනා නම් අත්තම්මගෙ වලව් මාන්නේ මගේ ඇග ඇතුලේත් පණ ගහවා...මං ඇග පත සෝදන් shirt එක ඇද විට්ටමට දාලා ඇදේ උඩු බැලි අතට හැරිලා මගේ ඔළුව යටින් අතක් තියා ගත්ත..මට චූටිව මතක් වෙනවා...රව රව දොර වහපු හැටි ඇටයා..පව් මොනවා උනත්.. ඒකා මට පාර්ට් දැම්මට අහිංසකයි....මට මතක් වෙන්නේම ' අප්පච්චි එපා' කියාගෙන දුවන් ගිහින් කකුලේ එල්ලුන හැටි...ඒ වගේ හුරතල් කොල්ලෙක්ට කකුල උස්සල පයින් පාරක් ගහන්න කොහොම කකුල් ඉස්සුනාද මන්ද අර මිනිහාගේ...කොරේ පිටට මරේ වගේ කාන්තී ගේ දෙවෙනි දරුවටත් අසනීපයි...
" මයි කොලූ... උබලා නිදිද.... "
"නෑ..අත්තම්මේ.. එන්න ඇතුලට.."
අත්තම්ම දොර ගාව ඉදන් කතා කරනවා.. ඒ පාර මොකටද දන්නේ නෑ...
"මයේ කොලූ... මං මේ උබට කියන්න ආවේ... හෙට දිහාට උබට මාත් එක්ක ගමනක් යන්න වෙනවා ඕන්.."
"ඒ කොහෙද අත්තම්මේ...."
"කන්දේ දේවාලෙට.... මහා හාස්කම් තියෙන තැනක් ඕන්... උබ ගමට පය තිබ්බා විතරයි නෙව මයේ කොලු...හෙට දිහාට ගිහින් කන්දේ දෙයිහාමුදුරුවෝන්ට යාතිකාවක් කොරලා ආසිර්වාද ගමු...මේවා උනන්න්සේ ගේ අඩවි නොවෑ...."
"ම්ම්ම්ම්ම්..යමු . කව්ද අත්තම්මේ ඔය කන්දේදෙවියෝ කියන්නේ.... "
මේ මිනිස්සු කොළඹ මිනිස්සු වගේ මොකක් හරි උනාම දෙයියනේ කියනවා මට ඇහිලාම නෑ.. කට පුරා කිව්වේ කන්දේදෙයිහාමුදුරුවනේ කියලා...තිබ්බ කුතුහලේටම මං අත්තම්මා ගෙන් ආපිට ඇහුවා...
"කන්දේ දෙයියන්නාන්සේ කිව්වේ මයේ කොලූ.. මීට බෝමඉස්සර මේ ගම් තුලාන අරක්සා කොරාපු නායකයෙක්.. උන්නාන්සේ හරි හරියට ගොවිතැන් කොරලා මේ මුළු ගම් තුලානම අස් වැද්දුවාලූ.. එහෙව් උත්තමයේක් ඕන්..... ඉස්සර උන්නාන්සේ මේ ගමේ උසම කන්දට නැගල ඒ කන්දේ උඩ තිබ්බ ගල් පොත්තේ ඉදන් නිල්පාටට පාට වැටුන සාර කුඹුරු දිහා ඇස් වල කදුළු පුරවන් බලන් හිටියලූ...සීයාඅප්පච්චි එක පාරක් කිව්වා කන්දේදෙයිහාමුදුරුවෝ වන්ගියක් කෙත් වතු පාළු කරන් ගිය දරුණු නියන් කාලෙක ඔය කියාපු ගල් පොත්ත උඩ ඉදන් තපසක් රැක්කාය කියාල .. ඒ තපසේ අනුහස් වලින් වැව් උතුරන්න වැහි වැටුනාලූ ඕ... න් ..ඉතිං උන්නාන්සේ වෙනුවෙන් තමයි අදටත් ඔය ගල් පොත්ත උඩ කන්දේදේවාලේ ගොඩනගලා පුද පුජා කොරන්නේ.. ගමට ආසිර්වාද ගන්න...ඉතිං මෙව්වා උන්නාන්සේ ගේ අඩවි ..උබලා ගමට ආවේ අලුතින් නෙව.. ඉතින් මයේ කොලු උන් නාන්සේගේන් ආසිර්වාද ගන්නවා හොදා...ඕන්...."
ŞİMDİ OKUDUĞUN
කළුවර මල් (Ongoing )
Romantizm"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️