13

957 122 112
                                    

මේඝණ රධීෂ්වර  P. O. V:

මායි චූටි හිටියේ වේද සීයාගේ ගෙදර ගිහින්  එන ගමන්...කොල්ලා නම් සද්ද බද්ද නැතුව මගේ අතේ එල්ලිලා උඩ පැන පැන ආවේ වටේ පිටේ ගස් වල තිබ්බ ගඩා ගෙඩිත් හූර හූර.. ඇයි අහද්දී සුදු චූටිට ලූ... ඇත්තටම මගේ චූටි කිව්වේ වචන පරිසමාප්තියෙන්ම සහෝදරයෙක්..සුදූ චූටි ගැන කතා කරන හැම වෙලාවකම කොල්ලාගේ ඇස් දිලිසුනා..කටෙන් නොකීවට ඒ දිලිසෙන ඇස් එයා සුදූ චූටිට කොච්චර ආදරෙයි ද කියන්න සාක්කි කිව්වා...

කුඹුරු යාය ලගින් එනකොට ඈතින් තැඹිලි පාට මල් මල් චීත්ත ගවුමක්‌ ඇදපු මගේ වයසට ඔන්න මෙන්න ඇති කියලා හිතන්න පුළුවන් කෙල්ලෙක් පන් මල්ලක් කිහිල්ලේ ගහගෙන තාලයකට පැද්දි පැද්දි එනවා පෙනුනා ..තලෙළු රව්ම් මුණක් තිබ්බ කෙල්ලගේ ගවුමේ වාටියේ ගෑවෙන්න තරම් දිග කරලට ගොතාපු කොන්ඩේ ඒ කෙල්ලගේ නැලවෙන ගමන එක්කම එහෙ මෙහෙ පැද්දුනා...'සිරියාවයි' කෙල්ලව දකිද්දී මගේ හිතට ඉස්සෙල්ලම ආවේ ඒ වචනේ.. ඇත්තටම මේ වගේ කෙල්ලෙක්  ගමේ ගොඩේ දකිනවා ඇරෙන්න කොළඹදි දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්..එක්කෝ කොන්ඩේ කපලා පාට උලලා..එහෙම නැත්තම් චූටි හැට්ට කැල්ලකට ජංගි කොටේ වගේ ෂෝර්ට් එකක්, ඇග බේරෙන ඩෙනිමක් ඇදල යන කෙල්ලෝ ඇරෙන්න මල් චීත්ත ගවුමට කොණ්ඩ කරලක් ගොතපු කෙල්ලෙක් ලේසියෙන් හොයන්න බැ... ඒ කෙල්ල නිකන් කතා පොතක චිත්‍රයක් වගේ මොකද මං ගත කරපු ජිවිතේ මෙහෙම මිනිස්සු මට මුණගැහුනේ නැති තරම්...

Baby, Darling කියලා කරේ එල්ලෙන්න ආව සක්කරවට්ටම් ඇරෙන්න මෙහෙම ගැණු චරිත මගේ ජිවිතේ අම්මට විතරක් සීමා උනා.. මගේ අම්මත් මේ වගේ.. දිග ගවුමට කොන්ඩේ ගොතලා... එක්කෝ ඔසරියට ගෙඩිය ගහල.. හ‍රි සිරියාවයි...අද එයා මං ගාව නැති උනත් මගේ ජිවිතේ සුන්දරම කාර්තු ලිව්වේ එයා..ඒ වසන්ත කාර්තු ලියපු මායාකාර පෑන අද මගේ මගේ චූටිගේ ඇබිත්තන් අත්දෙකේ ගුලි වෙලා මගේ ජිවිතේට ඊලග වස්සානය ලියන ගමන් උන්නා...

මං එහෙම්ම බැලුවේ චූටි දිහා..සිරියාවන්ත කමෙන් ගෑණුත් පරද්දන උබට මං දෙන වචනේ මොකක්ද මගේ වස්තුවෙ....උඹ  හරියට ශ්‍රීයාවට උපත දෙන ශ්‍රී ලක්ෂ්මී  වගේ...ඔව්... පිරිමි නැකතක ඉපදුන ලක්ෂ්මි දිව්‍යාන්ගනාවගේ කපාපු පළුවක්‌ උඹ...ඒ තරමට සිරියාවයි..

කළුවර මල් (Ongoing )Waar verhalen tot leven komen. Ontdek het nu