14

883 103 125
                                    

චූටි P. O. V:

හවහා වලව්වේ කුස්සිය ගාව තියෙන යකඩ වතුර බූලියට ළිදෙන් වතුර ඇදල දාලා වලව්වත්තේන් අමු පොල් අතු දෙක තුනකුත් කපාන ඒකත් ඇදගෙන ගෙදර මං ගෙදර ආවා. ඒ පිම්මට සුද්දීට තණකොළ මිටියක්  කපල වතුර පනිට්ටුවක්‌ එක්ක මඩුවට ගිහින් දැම්මේ තිරිසන් සතෙක් උනත් බඩගින්නේ තියන්ට හොද නෑති නිසා බඩගින්නක වේදනාව තුන් වෙලම වලව්වේ ඉතුරු  උන කෑම කන මට හොදට දැනෙනවා...

අරකව සෝදලා පැණි වළල්ලක්‌ අතට දුන්න මං අත පය සොදන්නේ නැතුවම  පිලේ ඉදගෙන පොල් අත්තක් වියන්ට ගත්ත..දැන් දැන් වැස්සට වහලෙන් වතුර වැටෙනවා ඕන්..පොල් අතු ටික දිරාලා හොදටොම..පොල් අත්තක් වියන්ටවත් මයේ අම්මට අර වලව් ඇත්තෝ හුස්මක් කටක් ගන්ට දෙනවා ඇයි.. අපෙත් පව් කාරකොමට මෙව්වායේම ඉපදුනා නෙව...

"චූටියෝ...ආහ්හ් "

"එපා උඹ කාපන්...මං කෑවා ..."

"ම්ම්ම්හ්හ්ක්ක්.. කාපන්කෝ... මට තනියම කන්ට හිතට හරි නෑ ඕන්....".

"ආආආ...උබට දෙනවා මං දැන්.. මං ඕක උස්සාන ආවේ බොට කන්ට ... කාපිය නටන්නේ නැතුව.. මට‍ මේ වැඩක් කොරගන්ට දීලා...."

ඒ අස්සේ සුදූ චූටියා ඒකාට කන්ට දුන්න පැණි වළල්ල කඩ කඩ  මගේ කටේ ඔබනවා...

" ම්ම්හ්ක්‌....ආයේ ඉල්ලපල්ලා කෝ දෙල්ලෑ. පව් කියලා දෙන්ට හදද්දී නටනවා...."

"කහට එකක් වක්කොරලා දෙන්ටද උඹට...."

"දැන් එපා....මේ මට අරෙව්වා එකක් හදලා දියල්ලකෝ.. "

"ඒ පාර මොන අරෙව්වේක්‌ද?"

"අර හුලගට කැරකෙන එකක් අප්පා... අනේ පොල් කොලෙන් හදන්නේ...."

මූ මට වැඩක් කොරගන්ට දෙනවා ද බොල මං අහන්නේ... මුට හුලං පෙත්තක් විතරයි දැන් අඩු  උඩ යන්න... ගොන් නරියා..ගොනා උනත් මේකා ඉතිං මගේ මලයා නෙව..මං පොල් කොලයක් කඩල එකක් හදලා අතට දුන්නා..

මං පොල් කොලයක් කඩල එකක් හදලා අතට දුන්නා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
කළුවර මල් (Ongoing )Donde viven las historias. Descúbrelo ahora