"ම්ම්ම්.. ම්ම්ම් .... හඳට
ගියාලු.....හඳට ගියාලු... හඳට ගියාලුලූ.........ම්ම්... ම්ම්ම්.. ම්ම් හඳට ගියා.......ලූ.... "එකෙක් හිටියේ මගේ කර උඩ ඉදගෙන කිරි හාවෙක් හොයන්න හඳට යන ගමන්... කකුල් දෙකත් පද්ද පද්ද ඔළුව එහෙට මෙහෙට වන වන නොදන්න වචන වලට ම්ම්ම් ම්ම්ම් ගගා මගේ රත්තරන දොඹගමුව ඉස්කෝලේට අලුතෙන් ආව ටීචර් එක්ක තාල ඇල්ලුවා..ඒ තාල එක්කම පිට්ටු බම්බුවක් වගේ රොකට් එකක නැගල කිරි හාවා බලන්න හඳට ගියා ....
රා බීලා වෙරි වෙලා අරකා එක්ක මරණ සැලසුම් හද හද හිටිය ඇට්ටර බඩ්ඩව අන්තිමට පැයකට පස්සේ මන් සීයා අප්පච්චිට කියලා දඩු කඳේන් ගැලෙව්වා..සීයා අප්පච්චි කියපු විදිහට හෙට පාන්දර මු එක්කන් කතරගම යන්න වෙනවා... හැබැයි මේකා කාවඩි නටන්නත් කලින් අර ඇබින්දන් කකුල් මහන්සි කරල ඉවරයි..නටන්න බලන් ඉන්න ඇබින්දන් කකුල් දෙකක් දඩු කඳක හිර කරලා තවත් රිද්දන්න ඕනෙ උනේ නැති නිසා මන් අර හිච්චි කොටු රූල් පොතත් ගුණය අතේ ගෙදර පිටත් කරලා මගේ එකාව කාමරේට දාගත්ත..මුගේ තාම වෙරි බැහැල නැ... අර වැනි වැනි ගෙදර ගිය එකාගෙත් කිසි වෙනසක් නැ ඒකාව ගුණයා ගෙදර එක්කන් යන්න යනකොට ඉක්ක ගහ ගහ වෙරි මතේම ගුණයට දන ගහල වැන්දා මදිවට උගේම කට පළල් කරලා උටම තුරුනුවන් සරණයි කියා ගත්ත.....
කාමරේට ආව මන් ගොන් පගයට දෙහි එකක් පොව්වලා නිදි කරවන්න ගියාම ඌ නිදාගන්න බැ කියලා වෙරි මතේ මායම් වෙන්න ගත්ත...දෙන්ට තියෙන්නේ මුට... පඩත්තර වැඩ කරලා මදිවට උට ඕනෙ විදිහට අපි ඉන්න ඕනෙ...
අන්තිමට මුව එක තැනක තියාගන්න ඕනෙ නිසාම ලැප් එකේ Batteryයට බම්බු ගහ ගන්න කියලා folder එකක save කරපු ' හෝ ගානා පොකුණ' දාලා දුන්න බලපිය කියලා.. නැත්තම් ආයේ මායම් වෙලා එහාට මෙහාට දුව දුව නටන්න ගන්නවා ඕක......
කතාව දාලා දුන්නට මොකද ඌ ඇස් ලොකු කරන් පුදුම වෙලා ලැප් එක දිහා බලාගෙන හිටිය විදිහ දැක්කම මට පව් හිතුනා..පුදුම වෙච්ච පාරට ඒකාගේ වෙරිත් බැස්සද කොහෙද.....මයේ රත්තරන කවදාවත් මුහුද දැකලා තිබුනේ නැ....කවදාවත් ලැප් එකක TV එකක චිත්රපටියක් බලලා තිබුනේත් නැ....Battery කෑලි දෙකක් දාලා හරියට සිග්නල් වත් නැතුව එහෙන් මෙහෙන් අහු වෙන channel දෙක තුනකින් පිරිත් ටිකක්, එක් දහස් නවසිය බර ගණන් වල පරන සින්දුවක් අහන්න පුළුවන් radio කබලක් ඇරෙන්න කරන්ට් නොතිබුන මේ පුංචි ගමට හෙලවෙන රූප පේන කළු පාට පෙට්ටගමක් හීනයක් වෙලා තිබුනා...
ŞİMDİ OKUDUĞUN
කළුවර මල් (Ongoing )
Romantizm"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️