06

866 148 42
                                    


මේඝණ රධීෂ්වර  P. O. V:

මං දවල්ට කාලා ඇදට ආවේ කොළඹ ඉද්දී බාගෙට කියවලා ඉවර කරපු පොතක් අරන් කියවන්නත් එක්ක... පහු ගිය දවස් ටිකේම අප්පච්චිගේ බිස්නස් වැඩ එක්ක හිර උන නිසා මට අකුරු ඇතුලේ අතරමන් වෙන්න වෙලාවක් ලැබුනේ නැ..මං එද්දී කියවන්න පොත් ටිකක් අරන් ආවට මොකෝ ඇගපත සෝදන් සීයාප්පච්චි  එක්ක ටිකක් කතා කරන්න එයාගේ කාමරේට ගිය වෙලේ  සීයාඅප්පච්චිගේ කාමරේ තිබ්බ පොත් ගොඩ දැක්කම තේරුනේ මේහේ ඉන්න ටිකකාලෙට මට පොත් වලින් නම් අඩු පාඩුවක්‌ නැති වෙයි කියලා..

සීයාප්පච්චිත් මං වගේම පොත් වලට ඇබ්බැහි උන නිහඬ මනුස්සයෙක් කියලා ඒ ටික වෙලාවට මට තේරුණා... මං සීයා අප්පච්චි එක්ක ටිකක් ආගිය තොරතුරු කතා කරලා ආපහු එන්නහැරෙද්දී දැක්ක දෙයින් මගේ හදවත මොහොතකට නතර උනා.... ඒ එක්කම මගේ ජිවිතේ මට කවදාවත් නොදැනුන  නිහතමානී ආඩම්බරයකින් මගේ හිත පිරිලා ගියා.... ඒ මගේ පොත්..රත්තරන් පාට වැල් අකුරින් මගේ පොත් වලටම ආවේනික උන ආරේකට පොත් කවරේ print කරලා තිබ්බ මේඝන රධීෂ්වර සුරියබණ්ඩාර කියන කතෘගේ නම දැක්කම මගේ පපුව සතුටට හිර උනා. ඒවා සීයාඅප්පච්චිගේ පොත් රාක්කේ උඩම ඉදන් දිලිසුනේ හරියට හැමෝටම පේන්න වගේ..

හැම අව්රුද්දකම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට මේඝණ රධීෂ්වරසුරියබණ්ඩාර අලුත් චරිතයක් උනේ නැති වෙනකොට,ලංකාවේ නවකතාවකට ලැබෙන ඉහලම සම්මානය උන ස්වර්ණපුස්තක සම්මානේ ලේබල් මගේ පොත් කවර වල වැදිලා ප්‍රින්ට් වෙනකොට... මිනිස්සු පොර කකා ඒ පොත් book shop වලින් ඉල්ලද්දී දැනුනේ නැති සතුටක්.. අද මගේ සීයාඅප්පච්චිගේ පරන තෙක්ක ලීයේ කැටයම් කපාපු පොත් රාක්කේ ගාවදී මට දැනුනා....

දැනිල තියෙනවාද අපේම කෙනෙක් පිටට නොපෙන්නුවට අපි ගැන ආඩම්බර වෙනවා කියලා දැන ගත්තම හිතට දැනෙන හැගීම..ඒක මනුස්සයෙක් congratulations  කිව්වට හිතට නොදැනෙන හැගීමක්. හරිම උණුසුම් ආත්මයම සතුටින් නලවන හැගීමක්....

"ටෝක්....ටෝක්...."
කව්රු හරි දොරට තට්ටු කලාම යි මන් කල්පනා ලෝකෙන් එලියට ආවේ

"එන්න "

ඇතුලට ආවේ අර කිරි වැඩි උන කැරමල් පුඩිම..අත්තම්මා උට කාමරේ අස් කරන්න කියලා... මං මුකුත් නොකියා ම්ම් ගාල පොතට එබිලා වගේ ඌ මොකද කරන්නේ කියලා හොරෙන් බලන් හිටියා... මූ බඹරේ වගේ කැරකි කැරකි  දුවිලි පිහනවා.. තව වෙලාවක බඩ ගාගෙන මෙසේ පුටු යට දුවිලි හොයනවා.... මං හිනාව කාගෙන බලන් හිටියා...ඒ පාර පොර කොස්සත් අරන් ඇද යටට එබුනා..පස්ස විතරයි එළියේ...ඒක චුටියි කිව්වාට චුටිමත් නෑ....මං කට කොනින් හිනා වේවි බලන් හිටියේ උට මාව පෙන්නේ නැති නිසා..

කළුවර මල් (Ongoing )Tempat cerita menjadi hidup. Temukan sekarang