08

845 112 8
                                    

කළුවර මල් 08

මේඝණ රධීෂ්වර  P. O. V:

කෙනෙක් ඔයාට ව්‍යාජව හිනා වෙද්දී දැනෙන feeling එක විඳලා තියෙනවාද.ඒක තනිකරම මැරුණ හැගීමක්.. ආත්මයම පිළිකුලකින් වහ ගන්න හැගීමක්.

'මේඝ holdings'  Business world එකේ  අඟලක් අඟලක් නෑර ආධිපත්‍ය පතුරගෙන වටේ හිටිය හැම එකාගෙම ඔලු උස්සන්න බැරි වෙන්නම පාගල දාපු ඇසල චන්ද්‍ර සුරියබණ්ඩාර හදපු සාමරාජ්‍යක්‌..
මගේ අප්පච්චි රාජධානියේ රාවනන් වෙද්දී පණට පණ දීගෙන හිටිය මායි අභිරුයි ඒ සාමරාජ්‍ය රකින මුරකුළුනු දෙක උනා....

Business World එක කියන්නේ තනිකරම මාෆියාවක්..වෙස් මුණු වලින් ඇත්ත ආත්මය හංගගෙන එක එකාව පාගගෙන උඩට යන සීතල යුද්ධයක්‌... ඔව් අපි හැමෝම පෙන්නුවේ සහයෝගයෙන් මේ Field එකේ ඉස්සරහට යමු කියන concept එකක් හැබැයි..."හ.. හ්හ්හ් "  ඔය concept එකේ ඉදන් අපි මෙහෙමයි ගෑව එකෙක්වත් උන්ගෙ market එක තව එකෙක් අල්ලනවට කැමති උනේ නෑ...තමන්ට වඩා වැඩියෙන් profit ගන්නවාට කැමති උනෙත් නෑ.අලුතින් එකෙක් market එකට එනවාට කැමති උනේ නෑ . මේක තනිකරම බුද්ධියෙන් එක එකාව පාගපු යුද්ධයක්...

මේ යුද්දේ ඇතුලේ මට,අප්පච්චිට, අභිරුට weakpoints තියෙන්න බැ...මොකද උන්ට deal done කරගන්න ඕනෙ උනාම උන් ඉස්සෙල්ලම අල්ලගන්නේ ඒ පොයින්ට් එක... හරියට මගේ අප්පච්චිට අම්මා නැති උනා වගේ... ඔව් මගේ අම්මා මැරිලා දැන් අව්රුදු 6ක්‌..උන් ඇවිල්ලා හොදම එකෙන් හිනාවක් දීලා අරයා හොඳින්ද කියලා අහනව කියන්නේම... උබ අපිට agree උනේ නැත්තම් ඉස්සරහට එයාව ගොඩාක් පරිස්සම් කරන්න වෙයි කියන එක...

හැබැයි දැන්.... අපියි උන්ට deal කතා කරන්නේ..අපි බිස්නස් අරන් ගිය හැම industry එකකම අපි 50% පන්නලා market එක අල්ලන් හිටියා. මේ නරාවලේ පනගහන,හදවත රස්නේඋන් නෑ.... නිකන්ම හුස්ම අල්ලන අමනුස්සයෝ ඉන්නේ...අව්‍යාජව හිනා වෙන උන් නෑ.. පිටිපස්සේන් පිහියේ මුවහත තියා තියා බොරුවට මුනට හිනා වෙන උන් ඉන්නේ...ඒකයි මං ඇහුවේ  බොරුවට හිනා වෙන එක ගැන දන්නවද කියලා...

ඇසල සුරියබණ්ඩාර ගෙ පුතා මේඝන රධීෂ්වර සුරියබණ්ඩාර කිව්ව‍ ගමන් හැම එකාම මට හොදම එකෙන් බොරුවට හිනා උනා.. මාව බිමට ඇදල දාන්නේ කොහොමද කියලා හිත යටින් සැලසුම් හැදුවා... හැබැයි මේ field එක ඇතුලේ මං කාටවත් බොරුවට හිනාඋනේ නෑ... හැබැයි මං කාත් එක්කවත් අවංකව හිනා වෙලත් නෑ.. ඇත්තටම කිව්වොත් මං හිනා උනේම නෑ.. ඉතින් field එකේ ගොඩාක් අය මට බයයි..උන් හැමෝටම මාව cold blooded person කෙනෙක්..

කළුවර මල් (Ongoing )Donde viven las historias. Descúbrelo ahora