"මේඝ අයියන්ඩි අනේ අරව කඩල දෙන්ටකෝ...."අපි හිටියේ කුඹුරු වැඩ ඉවර වෙලා ආපහු වලවුවට යන ගමන්... කාන්ති සුදූ චුටිවත් එක්කන් අපිව ඉස්සර කරගෙන අත්තම්මලා එක්ක යනකොට මායි ඇටයයි මුතූයි පිටිපස්සහායින් ආවා..ඇටය ගුටි කාලා කකුල් රිදෙනවා කියලා නටන්න තියන ඔක්කොම නැටුම් ටික නටල කිසිම විලි ලැජ්ජාවක් නැතුව මගේ කරේ එල්ලිලා කොන්ඩේ අස්සේ ඔළුව ඔබාන එනකොට මං කලින් කිව්වා වගේම උගේ මලයාට ඉස්මුරුත්තාව අල්ලලා තිබුනා..සුදූ චුටියට කාලා වැඩි වෙලා මතේ අල්ලලා ඌ යන ගමනුත් ඉක්කා ගහ ගහ කටත් ඇරගෙන රෝද පුටුවේ නිදි කිර කිර ගියා...මුතූ පාර අයිනේ ගහක හැදිලා තිබුන ඉදුණු මල් බෙරි දැකල කඩල දෙන්න කියද්දී මෙච්චර වෙලා ඒකිව පේයි කියලා අහක බලාගෙන මගේ බෙල්ල අස්සේ ඔළුව ගහන් හිටිය බඩ්ඩ පට ගාලා හැරිලා අරකි දිහා රවලා බැලුවා...
"ම්ම්හ්හ්ක්....මටත් ඕනෙ......."
මූ මගේ උරහිසෙ ඔලුව තියාන අරකිව සතෙකට ගණන් ගන්නේ නැතුව උටත් මල් බෙරි ඕනෙ කිව්වා...පුදුම පැලියාවක් තියෙන්නේ මුට.. යස අගේට අස්සේ ඔළුව ගහන් ආව එකා පට ගාලා හැරිලා බැලුවෙත් මං අරකිට විතරක් මල් බෙරි කඩල දෙයි කියලා බයේ..
"ම්ම්ම්ම්..."
මං කොල්ලව එක අතට වඩාගෙන ටිකක් ඉස්සිලා ගහේ ඉදුණු ගෙඩි තිබ්බ අත්තක් පාත් කරලා දෙනකොට ඇටය තද දම් පාටට ඉදිලා දිලිසෙන මල් බෙරි අහුරක් කඩා ගත්ත.. අරකිත් කට ඇරන් බලන් ඉන්නවා කඩල දෙනකන්...ගෙඩි ටික අතට අරං මගේ උරහිසෙ ඔළුව ගහගත්ත ගොන් පගයා..අරකි දිහා බලාගෙනම දම් පාටට ඉදුණු මල් බෙරි ගෙඩියක් මගේ කටට එබුවා........ ඔබලා....
أنت تقرأ
කළුවර මල් (Ongoing )
عاطفية"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️