35

485 95 135
                                    

"මේඝ.... අර.. අර......... "

"ම්ම්න්..... ඒ සුදූ චුටි.... මයේ චුටි මැණිකේගේ මල්ලි.... "

මායි අභිරුයි රාස්සිගේ අව්ව වැටිල තඹ ගැහුන වලව්වත්ත මැද්දේන් පහලට ගෑටුවා....ගෙදර වැට පේන මානට ලං වෙද්දී චුටි මැණිකේයි සුදු චූටියි මැටි පිලේ ඉදගෙන කහට බිබී ඉන්නවා පෙනුනා....අනික් බඩ්ඩ පේන්න උන්නේ නෑ... ගෙදර යන්ට ඇති...

"මේඝයෝ................."

"තේ බොනවාද මයේ අම්මා.. ම්ම්..."

"ඕඕ නේ මේඝයෝ..... මලයා හදලා දුන්නා නොවැ....."

වැට පනිද්දීම මාව දැකල කට කනේ තියන් දුවන් ආව ඇටයව උස්සලා ගත්ත මන් චුටි කම්මුලට හාද්දක් තියෙනල බිමින් තිබ්බා....එක්කෙනෙක්ට මලයා තේ හදල දීලා නේ...

"ම්ම්ම්න්....."

"මොනාද....."

"බිස්කට්.....!"

චුටි මැණිකේව බලන්න ගෙදර එද්දී වලව් කුස්සියේ තිබ්බ මොනවා හ‍රි රස දෙයක් ඔතාගෙන එන එක මට‍ පුරුද්දට ගිහින් තිබ්බ....මන් දික් කරන එක ඒකා ඇබිත්තන් අතට අරන් හුරතලේට ඇස් ලොකු කරලා මොනාද මේ කියල අහනව බලන්ට මන් මටත් හොරා ආලවන්ත වෙලා තිබුනා...

"මහ මැණිකේ බනි මේඝයෝ..... ඔව්වා උස්සාන එන්ට එපාය කියල මන් බොලාට කී වන්ගියක්‌ කීවද ඕන්...."

"බොරුවට නටන්නේ නැතුව ඉදපන් මැණිකේ....අභිරු..... යමන් ඇතුලට..."

"බලන්ට අභිරු මහත්තයෝ.. මෙයැයි ගේ හිතුවක්කාරකොම......"

"මහත්තය කියන්න එපා චුටි මැණිකේ.... අයියා කියපන්...."

"අපේ අප්පෝ ඒම බැ නොවැ....."

"ඒම බැරි මොකෝ ම්ම්ම්... මන් උඹේ මහත්තයාගේ අයියා.... ඉතිං මට‍ අයිය කියන්ට බැරි ඇයි කියපන් බලන්න.. ම්ම්ම්ම්.... එතකොට මේ චුටි මහත්තයා කවුද....."

අපි කතාවෙන් කතාවෙන් මැටි පිලේ වාඩි වෙද්දී චුටි මැණිකේ මගේ සරම් බොක්කේ උන්ඩි ගැහුනා...ඒ අතරේත් ඌ අභිරු එක්ක එකටෝම කියවිල්ල.......හැබැයි මෙහෙමයි ඔය අතරේ එකෙක් උන්නා බය වෙලා ඇස් ලොකු කරන්....ඒකාට බයටම පන යන්න ඔන්න මෙන්න... ඇයි මේඝ මහත්තයා තවත් හයේ හතරේ මනුස්සයෙක් ඇන්න ඇවිල්ලා නේ... ඉතිං බය වෙලා...! සුදූ චුටි මයේ මැණිකේ වගේ නෙවෙයි හ‍රි බයයි.... මනුස්සයෙක් එක්ක උනත් කතා කරන්නේ ඒ මනුස්සයා ගැන විස්වාසයක් ඇති උනොත් විතරයි....... ඌ බයටම ලාවට වේව්ලනවා....අභිරුට ඒක තේරුන නිසාමදො කොල්ලා දිහාට හැරිලා ආදරෙන් කතා කලා.... අභිරු අපි ඉස්සරහා තද මනුස්සයෙක් වගේ හිටියට මොකෝ docter වැහුන ගමන් ඌ වෙනම එකෙක්....ලෙඩක්‌ දුකක් උන මනුස්සයෙක් ඉස්සරහා පොර වචනෙන් කියන්න බැරි තරම් හ‍රි කරුණාවන්තයි... හ‍රි ඉවසිලිවන්තයි....මං හිතනවා මිනිස්සුන්ගේ ජීවිත එක්ක ඔට්ටු වෙන මනුස්සයෙක්ට ඒ ගති ගුණ තියෙන්න ඕනෙමයි කියලා.....

කළුවර මල් (Ongoing )Onde histórias criam vida. Descubra agora