කළුවර මල් 07
චූටි P. O. V:
මහා උdaක්කිය ගේ අන්තුරියම් පැලවලට සාත්තු කොරපු මං හවස 6 විතර පහු වෙද්දී ගෙදර එන්න ආවා... ඒ උන්දැ මොකට ඔය මල් වලට පන ඇරලාද කියලා මට නම් තේරුමක් නැතුවා...බුලත් කොලේට සරමක් අන්දලා නෑ වගේ... හෑයියා ..මොනවාද මේ මට හිතෙන්නේ එක පාරට..අද පෝයක් නෙවෙයි නේද පිස්සු තද වෙන්න....බොලාලාට කියන්න ඕන්....එක පාරක් මයේ අතින් මල් පෝච්චියක් දෙකක් බිඳිලා ඔය මල ඉලව් පැල දෙකක් තුනක් චප්ප උනා... හිතල කොලේ නැ අප්පා.....ම්හුක් 🥺... (හී..හී...හිතල තමයි කොලේ... ඇයි...😏 🙂).. ඊටපස්සේ අර පෙට්ටගම මාව දඩුකඳේලාන්න කියල මහා හාමුට කිය කිය හරි ජව්සමක් නැටුවා ඕන් .මහා හාමුවා මං දිහාට හැරෙද්දීම මං බොරුවට ඇස් වල කදුළු පුරවන් ඇස් ගෙඩිදෙක ලොවිගෙඩි දෙකක් වගේ ලොකු කරන් තොල් පටත් උල් කරන් මහා හාමුවා දිහා බැලුවේ ඌව වසී කොරන් මගේ පැත්තට නම්ම ගන්න.... වැඩේ තක්කේටම හරි ගියා බොලව් ....අත් දෙකත් පිටි පස්සට කොරන් කන්නාඩිය යටින් මගේ දිහා බලපු නාකි හාමුවා.."මේ හිච්චාගේ අත ලෙස්සන්න ඇති මයේ මැණිකේ.. පේනවානෙ මුගේ ඇගට හුලගක් පිම්බත් විසික් වෙනවා. මැණිකේ තරහ ගන්න කාරි නෑ... " කියල කියාපි..... අරකිගේ දොන්තපදන් මුණ වේලුන ගොරක ලෙල්ලක් උනා.... යසම වැඩේ ...ඔය කිව්වට මහා හාමුත් අර අන්තුරියමට මනාප නැද්ද කොහෙද.. මොන කුණුහරුප මලක් ද මං අහන්නේ... නොදෝම...කින් ඕන්....
දැන් සුදු චුටියා මං එනකන් බලන් ඉන්නවා ඇති අර කට්ටකරුවලේ... අම්මා එද්දී කොමත් හය හමාර පහු වෙනවා.. වලව්වේ ඇත්තෝ රෑට කෑවේ හරියටම රෑ 7ට... ඉතින් අම්මා කෑම ටික මේසෙට ඇරලා එහෙම්ම ඉතුරු උන දෙයක් ඔතන් ගෙදර එනවා... මං කලින් එනවා සුදු චුටි එක්ක ඇගපත සෝදන් සුදු චූටිට තේ එකක් වක්කොරලා දීලා.. මිදුල අතුපතු ගාල ගෙදර අඹ ගහ යට හදලා තිබ්බ පහන්පැලට පහන තියන්න..
"නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.......
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස......"මායි සුදු චුටි හිටියේ මිදුලේ බුදුන් වැඳ වැඳ.... අම්මා ඇතින් එනවා මං ඇස් කොනෙන් දැක්ක..වැට කඩුල්ල පැන්න අම්මා පිලට ගොඩ උනේ අපි දෙන්නගේ ඔලුව ගෙඩි දෙකත් අත ගාගෙන.ගෙදර බුදුන් ගේ ආසිර්වාදේ නම් ලැබුන ඕන් ..මං ආ හැටියේම කලේ ගේ පිළිකන්නට වෙන්න ඉටි රෙදි වට කරලා තිබ්බ පරන ළිදෙන් වතුර ඇදල සුදු චුටියාගේ ඇග සෝදලා ඒ එක්කම මං නාගත්ත එක.. සුදු චුටිව මේ හවස් වෙලා නාවලා ඔකා කිබුහුන් අරින්න ගත්තෝත් මට විසුමක් නැ අම්මගෙන්.... මේ ගොන් නරියට පොඩ්ඩ සීතල ගහපු ගමන් පීනසේ.... හෙට දවල් වෙලාම නාවනවා.... අරකාටත් එක්ක තේ කහට දෙකකුත් වක්කරන් උටත් දීලාඋගුරට දෙකට තේ කෝප්පේ හිස් කරපු මං ඉක්මනට මිදුල අතු පතු ගෑවෙ තව කරුවල වෙන්න කලින්..
YOU ARE READING
කළුවර මල් (Ongoing )
Romance"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️