❀ පිවිසුම ❀

101 7 5
                                    

එය කාල වැල්ලෙන් වැසී ගිය සමයක රත්නද්වීපය විය.

අග නගරය වූ තෙදවන් නුවර මහා මාළිගය මඟින් පාලනය විකේන්ද්‍රගත කෙරෙන් රත්නද්වීපය පාලනය වූයේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගත් රදබන්ධූන් අතනි.

මියලු තිත්ථය කේන්ද්‍ර කරගත් මියලු පුරය සැමතින් සශ්‍රීක වූ රමණීය නුවරක් විය. එය දෙවනි වූයේ අග නගරය වූ තෙදවන් නුවරටම පමණි.

මියලුවේ රදබන්ධූ නමින් සවිබරණ නම් විය. දක්ෂ පාලකයෙක් රණකාමියෙක් මෙන්ම කලාකාමියෙකු ද වූ හෙතම මියලුව දිනෙන් දින දියුණුව කරා ගෙන ගියේ නගර වාසීන් ගේ ආශිර්වාදයන්ද මධ්‍යයේ විය.

සවිබරණයන්ගේ අර්තාංගණී තමෝ අරුණෝද්‍යා නම් වූවාය. නාමාර්ථයෙන්ම ඕ රිවිබිඹු උදාවන අරුණෝදය හා සම රූපශ්‍රීයක් දැරූ අතර ගුණයෙන් ද සුශික්ෂිත දේවියක්ම විය.

නගර වාසීන් ගේ අමන්දානන්දයට හේතු පරිදි අරුණෝද්‍යා දේවිය යළිත් ගැබ්ගෙන තිබුණා ය. 

පූර්වයේ අරුණෝද්‍යා දේවිය සවිබරණයන්ට දාව නිවුන් දරුවන්ට ජන්මය දුන්නෙන් ඔවුන් වෙත දැනටද දුවක හා පුතකු විය. තෙදවන් නුවර අග රජුගේ නියමය පරදි නිවුන්නන්ට උත්තරාධිකාරි බලය හිමි නොවන බැවින් අරුණෝද්‍යා දේවිය ත් රදබන්ධු සවිබරණයනුත් යළිදු දරුවෙකු වෙනුවෙන් බලාපොරොත්තු උස් නැංවීය. එකී බලාපොරොත්තූන් මල්පල ගැනීමෙන් ය අරුණෝද්‍යා යළිදු ගැබ්බර වූයේ.

මේ වන විට ඈ පංචම මාසයක් සම්පූර්ණ කර තිබුණේ එදා සපිරිවරින්  මියුලුපුර චන්ද්‍රනාකණ දෙවොල වෙත ගියේ නූපන් දරුවා වෙනුවෙන් ආශිර්වාද පැතීමටය.

චන්ද්‍රනාකණ දෙවොල යනු රසතලයත් මනුලොවත් අතර වූ සිමාන්තික දොරටුව විය. මේ ඇසුරේ නේක විධ මුණි වරුන් භාවනායෝගි ලෙස කාලය ගත කරමින් නගර වැසි දරුවන් වෙත ශිල්ප දුන්නේ වෙයි.

මනු ඇසින් වසන් කළ කරුණ නම් මේ මුණි තුමන්ලා සමීපයේ රසතල වැසි නාග මාණවකයින්ද ශිල්ප ලබනා බවයි.

ඉදින් අරුණෝද්‍යා දේවිය ද සපිරිවරින් චන්ද්‍රනාකණ දෙවොල වෙත ගියාය.

♕ විරුදාග්නි ♕ (OnHold)Where stories live. Discover now